ශිහාන් මෙච්චර ඉක්මනට කාටත් හොරා මඟුල් කෑවේ ඇයිදැයි හැමෝටම ප්‍රශ්ණයක් වුණා. විශේෂයෙන්ම ශිහාන්ට ආදරය කළ තරුණියන්ට මේක අදහගන්නවත් බැරි දෙයක්.
ඇත්තටම ඇයි ශිහාන් මෙච්චර හදිස්සියෙන් බැන්දෙ කියලා දැන් හෙළිවෙලා.
ශිහාන් කසාදයෙන් පස්සේ පුවත්පතකට දෙන පළවෙනි සාකච්ඡාව අද ඉරිදා ලක්බිම රිද්ම අතිරේකයට ලබාදී ඇත. එම සම්පූර්ණ සාකච්ඡාව පහතින්
ශිහාන් විවාහයෙන් පසුව මුහුණ දෙන ප්‍රථම පුවත්පත් සාකච්ඡාවද මේ...?
ඔව්, මගෙ විවාහය ගැන පින්තූරයි ප්‍රවෘත්තිය එක් එක් මාධ්‍ය වල පළවුණා. ඒත් විවාහ වුණාට පසුව පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වන ප්‍රථම අවස්ථාව තමයි මේ.
ශිහාන් හදිසියේ විවාහ වීම හැමෝටම ප්‍රශ්නයක්...?
හදිසි විවාහයක් තමයි සිදුවුණේ. තාත්තා විදේශයේ. අක්කක් විවාහ වෙලා ඕස්ට්‍රේලියාවේ. අක්කට දරුවෙක් ලැබෙන්න යන හින්දා අම්මටත් එහෙ යන්න වෙලා. මම මගේ ශබ්දාගාරය පවත්වාගෙන යන්නයි සංගීත පන්ති පවත්වන්නයි කඳානෙන් ගෙයක් ගත්තා. අලුත් ගෙදර මට තනියම ඉන්න වෙන්නේ. ඔය හින්දා විවාහ වෙන්න කියලා ගෙදරින් කිවුවා. මමත් හිතනවා මේක තමයි මට විවාහ වෙන්න සුදුසුම වයස. ඉතින් නායකන්ද පල්ලියේ අපේ විවාහය සිදුකළා. අපි දෙන්නගේ පවුල් වල අය තමයි විවාහයට සහභාගි වුණේ. 26, 27 මට කලින් යොදා ගත්තු සංදර්ශන වගයක් තිබුණ හින්දා අපි මධුසමය ගත කරන්න කොහෙවත් ගියෙ නැහැ. 25 බැඳලා මගෙ ගෙදර ආවා. 26 ආයෙම ඇයව එයාගෙ මහගෙදරට යවලා මගෙ සංගීත කටයුතු කළා. පසුව ආයෙම ගෙදරට එකතු කරගෙන ආවා.
ශිහාන් විවාහ වුණා කිවුවම කලා ලෝකයේ අයත් පුදුම වුණා.
(හිනැහි) 24 වැනිදා මුණ ගැහුණු යාළුවන්ට යන්නං මචං' කියල තමයි සමුගත්තේ. 25 උදේ කෝල් කරපු යාළුවන්ට වැඩක් මචං පස්සේ කථා කරමු කියල තමයි කිවුවේ. 25 බඳින බව ඒ කවුරුත් දන්නෙ නැහැ. යාළු මිත්‍රයන්ට කිවුව නම් ගොඩක් දෙනෙකුට කියන්න වෙනවා. කවුරු හරි අතපසු වුණොත් ඒක හොඳ නැහැ. අනික මම නිහඬ ජීවිතයකට කැමතියි. ලොකු උත්සව අරන් මහා ලොකු ප්‍රසිද්ධියක් දිලා විවාහ වෙන්න මට ඕන කළේ නැහැ.
ශිහාන් විවාහ වුණා කියන ආරංචිය අහපු හැටියේ හැමෝම හොයා බලන්නේ ශිහාන්ගේ අතගත් මනාලිය කවුද කියන එක..
ඇය ගෂේනි ක්ලෙමන්ඩා . ගෙෂි තමයි මගේ ප්‍රථම ප්‍රේමය. ඒක බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන ප්‍රේම කතාවක්. මම සිතින් පතන්න මා... ළඟින් හිඳන්න මා ඔබෙයි කියන්න මා - ක්ලෙමන් ටිනා කියන ගීතය ගායනා කළේ ඇය වෙනුවෙන්.
ඒ ප්‍රේමකතාව දැනගන්න රිද්ම පාඨක හිතවතුන් ආශා ඇති.
අපි දෙන්නම ඉගෙනගත්තේ කඳාන මැසනඩ් විදුහලේ. මම එක වසරේ ඉඳන් එහි හිටියට ගෙෂි ආවේ 6 වසරට. මම හා හා පුරා ඇයව දැක්කේ 1999 දි. එතකොට මම 9 වසරේ . ගෙෂි 6 වසරේ. එදාම මොකක්දෝ විශේෂත්වයක් දැනුණා. කාලයත් එක්ක ඒ විශේෂත්වය උනන්දුවකට හැරුණා. පස්සේ ඒ උනන්දුව ආදරයකට හැරුණා. 2003 දී තමයි අපි අතර පෙම් දමක් ඇතිවුණේ. එතකොට මම 12 වසරේ. ඇය 10 ගෙෂී ආදරේ කළේ ජනප්‍රිය ගායකයෙකුට නමෛයි නිකම්ම නිකං ඉස්කෝලෙ කොල්ලෙකුට. ඒ ආදරය තමයි විවාහය දක්වාම ආවේ.
ශිහාන් ගෙෂී ආදර කතාවට බාධක ඇතිවුණේ නැද්ද..?
තාත්තත් අපේ පාසලේම ගුරුවරයෙක්. ඒ කාලේ මට දුවෙක් දෙන්න ගුරුවරයෙක් තියා සාමාන්‍ය මනුෂයෙක් වත් කැමති වෙන්නෙ නැහැ. මම පාසලේ හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. තුන්වතාවක්ම මාව පාසලෙන් අස්කරලත් තියෙනවා.
ඉස්කෝලෙන් අස්කරන්න හේතු...?
ගීතිකා ප්‍රසංගයක් තියෙනවා කියල අවසර අරගෙන සංගීත සංදර්ශනයක් තිබ්බා.. ආයේ ඉතින් කරපු ලොකුම වරද තමයි පාසැලට නුසුදුසු විලාසිතා වලින් සැරසීම ඔන්න ඔය වගෙ හේතු මත මට තිබුණේ අයහපත් ප්‍රතිරූපයක්.
නැන්ද මාමගෙ හිත දිනාගත්තේ කොහොමද?
කාලයත් එක්ක මම මගෙ ස්ථාවරය ගොඩනගා ගත්තා. මම යම් ගමනක් යන බව පෙන්නුවා. අනික ඉතින් පාසල් වියේ සබඳ-තාවලට මව්පියෝ විරුද්ධ වෙනවනේ. කොහොම හරි අන්තිමට දෙපැත්තේම අයගේ ආශිර්වාදය අපට ලැබුණා.
ශිහාන් ගැන හීන මවපු ගෑනු ළමයි ආරංචිය අහල මොනවගේ ප්‍රතිචාර දැක්වුවාද...?
ගොඩක් අය සුබ පැතුවා.
භදැන් ඒ අයගේ ආදරය අඩුවෙලා ජනප්‍රියත්වය අඩුවෙල යයි කියල හිතෙන්නෙ නැද්ද..?
මාව බඳින්න හින මවපු අය මගෙන් දුරස් වෙයි. මගෙ ගීත වලට ආදරය කරපු අය ළඟදියි. අනික ඉතින් විවාහ වීම, දරුමල්ලන් ලැබිම ජීවිතේ නිසි කාල වකවානුවල විය යුතුයි නේ.
විවාහ වූ අලුතම මනමාලිව තනිකරල දුර. රටකට යන්න හදනවා තියන්නෙ ඇත්තද..?
මට පෙබරවාරි 6 වැනිදා එංගලන්තයට යන්න සිදුවෙලා. ඒ කලින් භාරගත්තු සංදර්ශනයකට සහභාගි වෙන්න. අනික මේක ටිකක් විශේෂිත එකක්.
ඒ ප්‍රසංගය ගැනත් ටිකක් විස්තර කරන්න:-
ලංකාවේ ඉන්න දෙමවුපියන් නැති දරුවන් වෙනුවෙන් කැපවූ එංගලන්තයේ 1+1 ⋆ (වන් ප්ලස් වන් ඊ ක්වෙල්ස්) සංවිධානය මගින් කරන මෙගා වැරැයිටීස් ෂෝ 2012 ප්‍රසංගය තමයි ඒ. එවන් සමාජසේවා සංවිධානයක කටයුත්තක් වීම තමයි මෙහි විශේෂත්වය. මේ ප්‍රසංගයට මා ඇතුළුව ශලනි තාරකා, ටෙනිසන් කුරේ, හර්ෂණ බෙත්මගේ, මේනකා මධුවන්ති, තරංග දිසානායක සහභාගි වෙනවා. ප්‍රසංගය මෙහෙය වන්නේ රවින්ද්‍ර විජේරත්න
ආරියවංශ කුලතිලක

1 Comments:
Best Wishes for Shihan n Geshi!!!!
:)God Bless for them!!
Post a Comment