ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය කලාව නව මාවතකට යොමුකිරීමට පුරෝගාමී වූ ජේෂ්ඨ මාධ්‍යවේදී නිමල් ලක්ෂපතිආරච්චි මහතා ඊයේ (20 වැනිදා) උදෑසන අභාවප්‍රාප්ත වූයේ මාධ්‍ය ක්ෂේත්රයට අති දැවැන්ත පාඩුවක් සිදු කරමිනි.
නැවුම් අත්දැකීම් සොයා යමින් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ අති මහත් පෙරලි කළ ඔහු ශ්‍රි ලංකාවේ සිටි ප්රමුඛ පෙළේ සන්නිවේදකයෙකි.
1954 වසරේ නොවැම්බර් 22 වැනිදා උපන්, නිමල් ලක්ෂපතිආරච්චි මහතා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශ්රාස්ත්රාලයෙනි. පසුව ඔහු උසස් අධ්‍යාපන සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය.
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ ලක්ෂපතිආරච්චි මහතා ජාතික රූපවාහිනිය ඇතුළු දිවයිනේ ප්රමුඛ පෙළේ ආයතන රැසක කටයුතු කරමින් මාධ්‍ය ක්ෂේත්රය ඔප්නැංවීමට කැප වු ආදර්ශවත් මාධ්‍යවේදියෙකි.
සිරස මාධ්‍ය ජාලය ආරම්භ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළේද ඒ මහතාය. 'සිරස' යන නම පවා ඒ මහතාගේ නිර්මාණයකි.
කෙටි නිවාඩුවක් සඳහා ජර්මනියට ගොස් සිට යලි දිවයිනට පැමිණි පසු ලක්ෂපතිආරච්චි මහතා ඊයේ (20 වැනිදා) උදෑසන හදිසියේ රෝගාතුර වු බව පවුලේ ඥාතීන් පවසයි.
ඔවුන් පැවසුවේ, ලක්ෂපතිආරච්චි මහතා කොළඹ ආසිරි පෞද්ගලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු හෘද්‍යාබාධයකින් අභාවප්‍රාප්ත වූ බවය.
මියයන විට 58 වැනි වියේ පසු වු ලක්ෂපතිආරච්චි මහතා දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක් විය.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment