එහිදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 14 ක මිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම විසින් මිලට ගනු ලැබුවා.
එය විදෙස් ක්‍රීඩකයෙකු මිලට ගැනීමට වැයකළ වැඩිම මුදල වුණු අතර සමස්ථ ක්‍රීඩක ලයිස්තුවේ වැඩිම දෙවෙනි ස්ථානය විය. ඩොලර් ලක්ෂ 20 කට චෙන්නායි සුපර් කිංග්ස් විසින් මිලට ගත් ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා වැඩිම මුදලකට වෙන්දේසි වූ ක්‍රිඩකයා විය.
එමෙන්ම එම වෙන්දේසියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩක තිසර පෙරේරා ඩොලර් ලක්ෂ 6.5 කට මුම්බායි ඉන්දියන්ස් විසින්ද මුත්තයියා මුරලිදරන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 2.2 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් විසින්ද දිනේෂ් චන්දිමාල් අමෙරිකානු ඩොලර් 50,000 රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින්ද මිලට ගනු ලැබුවා.
Click on the below image to see large
0 Comments:
Post a Comment