468X60 Ad

What has happend to guinness records of sri Lankans - ශ්‍රී ලාංකිකයින් තැබූ ගිනස් වාර්ථාවන්ට මොකද උනේ?

ශ්‍රී ලංකාවේ විවධ දක්ෂතා ඇති පුද්ගලයින් විවිධ අවස්ථාවලදී අපුරු විස්කම් පාමින් ගිනස් වාර්තාපොතට ඇතුලත් වුහ.

ඒ සෑම අවස්ථාවකදීම ගිනස් වාර්තා කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් හඳුන්වාගත් විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාද එම ක්‍රියාව නිරීක්ෂණය කිරීමට දායක විය.

ඒ අනුව ගිනස් වාර්තා තැබූ බොහෝ අය තමන් ගිනස් පොතට ඇතුළු වූ බව සිතමින් මෙතෙක්කල් ආඩම්බර ලීලාවෙන් කල් ගෙවිය.
නමුත් මෙතෙක් කල් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් විසින් නිරීක්ෂණය කල ශ්‍රී ලංකාවේදී පිහිටවූ ගිනස් වාර්තා ගිනස් පොතට ඇතුලත් වී නොමැත.

මේ කරුණු පැහැදිලිව අනාවරණය වූයේ 1999 වසරේදී උළු කැට 525 ක් විනාඩි 45 ක් තුළ කඩා ගිනස් ලෝක වාර්ථාවක් තැබීමට උත්සහ කළ අනුරාධපුරයේ වසන්ත සොයිසා සිය ලෝක වාර්ථාව ගිනස් පොතේ සටහන් නොවීම සම්බන්ධයෙන් ගිනස් වාර්ථා ප්‍රධාන කාර්යාලයෙන් විමසීමක් කළ විටය.
ඔවුන් පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ කිසිම නියෝජිතයෙක් පත් කර නොමැති අතර එසේ ගීනස් වාර්ථාවක් තැබීමට අවශ්‍ය නම් ඒ සඳහා කළයුතු හොඳම ක්‍රමය වන්නේ www.guinnessworldrecords.com යන වේබ් අඩයියෙන් ඒ සඳහා ඉල්ලුම් කිරීමය.
ස්වර්ණවාහිනී Live @ 8 ප්‍රවෘත්ති විකාශයේදී මේ පිලිබඳව පළවූ ප්‍රවෘත්තිය පහත වීඩියෝවෙන් දැක්වේ.
එහි ගිනස් වර්ථාවක් තැබීමට ඉල්ලුම් කළ යුතු වෙබ් අඩවිය වශයෙන් www.guinness.com යනුවෙන් බියර් විකුණන වෙබ් අඩවියක් ප්‍රකාශ කර තිබු අතර එම වෙබ් අඩවිය www.guinnessworldrecords.com යනුවෙන් නිවැරදි විය යුතු බව උකුස්සා ප්‍රකාශ කර සිටී.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com