468X60 Ad

Titus thotawatte passes away - ටයිටස් තොටවත්තයන් අභාවප්‍රාප්ත වේ

ලංකාවේ රූපවාහිනී ළමා වැඩසටහන් කලාවේ පුරෝගාමිකයෙකු වූ ටයිටස් තොටවත්ත මහතා ඊයේ (15) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, රූපවාහිනී හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඒ මහතා මෙරට කලා
ක්ෂේත්‍රයට කළ මෙහෙය අප්‍රමාණය.

එතුමාගේ නිර්මාණයක් වූ ළමුන් අතර ඉමහත් ජනප්‍රිය හඳයා චිත්‍රපටය අදටත් මතකයේ ‍රැ‍ඳෙන විශිෂ්ඨ නිර්මාණයකි.

ටයිටස් තොටවත්ත මහතා දොස්තර හොඳහිත, පිස්සූ පුසා, හා හා හරි හාවා ඇතුළු ළමුන් අතරේ ඉමහත් ජනප්‍රිය වූ  කාටූන් වැඩසටහන් රැසක ද නිර්මාණකරුවා ලෙස කාගේත් ගෞරවාදරයට පාත්‍රවිය.

චණ්ඩියා, කවුද හරි, හාර ලක්ෂය, සිහසුන, සාගරිකා, මංගලා, මරුවා සමඟ වාසේ යන චිත්‍රපට වලද අධ්‍යක්ෂවරයා වූයේ තොටවත්ත මහතාය.

රේඛාව , සංදේශය , රන්මුතුදූව , ගැටවරයෝ , ධීවරයෝ , පරසතුමල් , සාරවිට , සොරුන්ගෙත් සොරු , වසන්ති , පුංචි බබා , බඩුත් එක්ක හොරු සහ හන්තානේ කතාව යන චිත්‍රපටවල සංස්කාරකවරයා වශයෙන්ද හෙතෙම දායක විය.

මියයන විට  විට ඒ මහතා 82 හැවිරිදි වියෙහි පසුවූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදදා සිදු කිරීමට නියමිතව ඇත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com