භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මේ වන විට ඉන්දියාවට පැන ගොස් සිටි දෙදෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට රජයට හැකි වූ බවත්, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ
(13 දා) අරලියගහ මන්දිරයේදී පැවැති පුවත්පත් කතුවරුන්ගේ මාසික හමුවකදී ප්‍රකාශ කළේය.

අද කිසියම් සිද්ධියකදී එය රජයට එරෙහිව පාවිච්චි කිරීමට ඇතැම් අය කල්පනා කළත් තම රජය නීතියට එරෙහිව කටයුතු කරන අය රැකීමට සූදානම් නැති බව ද නීතිය අතට ගත් අයට මෙන් ම පාතාලය හා සම්බන්ධ වූ අය ද අත්අඩංගුවට ගැනීමට දැනටමත් ආරම්භ කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙහිදී කතුවරුන් හා ජනාධිපතිවරයා අතර ඇති වූ සංවාදය මෙසේය.
කතුවරයෙක් - ජනාධිපතිතුමනි, ඔය පාතාල මෙහෙයුම් ගැන, ප්‍රභූ ආරක්ෂාවේ කඩතොලු ගැන හැමදාම කතා කරනවා විතරයි නේද?
ජනාධිපතිවරයා - එහෙම වෙන්නේ නෑ. අපි ඉතා පැහැදිලිව ඒ මෙහෙයුම් අඛණ්ඩව ගෙනියනවා. ආරක්ෂක අංශ හා පොලිසිය හැර අන් අයට ගිනි අවි භාවිතයටත් ඉඩක් නෑ. ඔබත් දන්නවා සමහරුන්ට ආරක්ෂක රිය පෙරහැරක් ඕනෑ. එහෙම මානසිකත්වයක් ගොඩ නැගිල තියෙනවා. අපි ඒක වෙනස් කරනවා. ක්‍රමවත් සැලසුමක් අනුව ඒ කටයුතු සිදු කරනවා.
පසුගිය දවස්වල පොලිසිවලට ගැහුව. ඒක මොනම විදිහකින්වත් අනුමත කරන්න බෑ. පොලිසියටත් මිනිස්සුන්ට ගහන්න, මරන්න ඉඩ නෑ. එහෙම අයටත් නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් පොලිසිවලට ගහන්නෙ ක්ෂණික කෝපයකින් නොවන බව අපට පෙනී යනවා. මොකද ඒ අය අතර වරෙන්තු තිබෙන අය, කසිප්පු මුදලාලිලා, කුඩුකාරයෝ ඉන්නවා. ආණ්ඩුව මේ කාටවත් යට වන්නේ නෑ.
කතුවරයෙක් - මේ විනාශකාරී දේශපාලන සංස්කෘතිය අද එහි උපරිමයට ගිහිල්ලා. බැරිද මේ පිළිබඳ විද්වත් සංවාදයක් කරල දැනුවත් කරල පියවරක් ගන්න.
ජනාධිපතිවරයා - මේ සියලු තත්ත්වයන් ඇති වූයේ යුද්ධයත් සමඟ. අවුරුදු තිහක් යුක්තියක්, නීතියක් නැති රටක් අප මුදා ගත්තා. සමහරුන්ට අද ඒකත් අමතකයි. රාත්‍රියේ දොට්ට පිලට බහින්න බැරුව ඒවත් ගේ ඇතුළෙම කරපු බියෙන් මිරිකිච්ච යුගයක් අප නිමා කළේ. ඒ සංස්කෘතික, සදාචාරාත්මක සෝදාපාළුව බරපතළයි. දැන් අප ඒවාට විසඳුම් දීගෙන යනවා
කතුවරයෙක් - ශ්‍රී ලංකාවේ ධීවර ජනතාවට එරෙහිව තමිල්නාඩුව ගෙන යන වැඩපිළිවෙළ තවම ඉවර නෑ. තවත් ඉන්දීය ධීවරයන් අපේ මුහුදට එනවා. මේ ගැන මොකක්ද අදහස.
ජනාධිපතිවරයා - (සිනාසෙමින්) හැබැයි මේ මුහුදු සීමා ගැන මාළු දන්නෙ නෑනෙ. ධීවරයා උන් පන්නගෙන යද්දී මේ සීමාවන් වලින් නතර නොවී ඉබේම ඉදිරියට යනවා. මං මේක හොඳටම දන්නේ මං ධීවර ඇමැති විදියට හිටිය නිසයි. ඔන්න ඔය ගැටලුව ස්වභාවිකව වෙන දෙයක්. ඒත් ඒක වැරදියි. සමහරු සීමාවෙන් පිටට ට්‍රොaලර්වල ගිහිල්ල මාළු අල්ලන අවස්ථාත් තිබෙනවා. අපි මේ ප්රශ්නය ඉන්දියාව සමඟ සුහදව විස¹ ගත යුතුයි.
කතුවරයෙක් - කොළඹදී මොකද වුණේ.
ජනාධිපතිවරයා - (සිනාසෙමින්) දැක්කෙනැද්ද මේ පාර වික්‍රමසිංහ මහත්තය පාරටම බැහැල සටන් කළානෙ. එතුමා ත්රිරෝදවලිනුත් ගියා. ඉතින් ඒගොල්ල දිනුවා.
කතුවරයෙක් - කොළඹ නගර සභාව අධිකාරියක් කරනවද?
ජනාධිපතිවරයා - ඔව්. ඒක වෙනම දෙයක්. ඒකෙන් නගරාධිපතිවරුන්ට හෝ මන්ත්‍රීවරුන්ට හෝ බලපෑමක් නෑ. කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කොලොන්නාව වගේ ඒවා මේ අධිකාරියට අයිති වෙනවා. අද ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා ඉස්සර වගේ නොවෙයි. කෝටි ගණනක් සංවර්ධන වැඩ ඔහුට භාරයි. ඒත් සමහරුන්ට විවිධ චෝදනා. මේ අය ගැන බලන්න නිලධාරීන්ට බලයකුත් නෑ. ඉතින් මේ සඳහා රටට වගකියන ආයතන ව්යqහයක් අවශ්‍යයි. ඒ මුදල් කළමනාකරණය විය යුතුයි. අප ඒ සඳහා පියවර ගන්නවා. ඔබ දන්නවද සමහර ප්‍රාදේශීය සභාපතිල පිටරට යන්නෙත් චෙක් පොත සාක්කුවේ දාගෙන. මෙහෙම ගියොත් රටට මොකද වෙන්නේ. රජයේ හෝ විපක්ෂයේ හෝ ආයතනවලට විනිවිද පේන ක්‍රමයක් වුවමනායි.
කතුවරයෙක් - ජයවර්ධනපුර රෝහලට මොකද වුණේ. හදිසියේම එහි අධ්යක්ෂ මණ්ඩලය අස් කළේ ඇයි?
ජනාධිපතිවරයා වෙනුවෙන් එයට පිළිතුරු දුන්නේ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
ඒක දිගු කලක් මුළුල්ලේ ලෙඩ වෙලා තිබුණු රෝහලක්. සමහරු අවුරුදු දහඅට විස්ස එකම තනතුරේ. කෙනෙක් එකම පාර අධ්යක්ෂ මණ්ඩලයෙත් ඉන්නවා. පාලක මණ්ඩලයේත් ඉන්නවා. සමහරු මූණ බලන්නෙ නෑ. තරහයි. කෝප් වාර්තාවෙන් පවා මේ ගැන නිර්දේශ කළා. ඒ අනුව අප ක්‍රියාත්මක වුණා. පනත පවා අලුතින් සංශෝධනය කරනවා.
කතුවරයෙක් - මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මොකද වෙන්නේ?
මෛත්‍රීපාල සිරිසේන මහතා එයටද පිළිතුරු දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අපත් අතර එකඟතාවක් තිබෙනවා මේවට ප්‍රමිතියක් තිබිය යුතුය කියලා. මාලබේ වෛද්‍ය විද්‍යාලයට රෝහලක් නෑ. එය අත්‍යවශ්‍යම දෙයක්. අනෙක පෞද්ගලික විශ්වවිද්‍යාල රාජ්‍ය පිළිවෙතට එකඟ දෙයක්.
ජනාධිපතිවරයා - අපි පැහැදිලිවම කියනවා මේ නිසා නිදහස් අධ්‍යාපනයට අබමල් රේණුවක හානියක් නොවන බව. අද මේ රටේ සාමාන්‍ය පන්තියේ අයගෙ දරුවෝ කෝටි ගණනින් පිටරට විශ්වවිද්‍යාලවලට ගෙවනවා. ඒක අපරාධයක්. අපට අවශ්‍ය වුණේ ඒ මුදල් මෙහි රඳවා ගැනීමටයි. ඒ අධ්‍යාපනයත් මේ රටේදීම ලබාදීමටයි.
කතුවරයෙක් - පොලිසිය ගැන ඔබතුමා හිතන්නේ කොහොමද?
ජනාධිපතිවරයා - ඔබ හිතන විදිහටම තමයි මාත් හිතන්නේ. පොලිස්පතිවරයා ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරනවා. දේශපාලන බලපෑම් අනුව පොලිසියට රාජකාරිය කරන්න බෑ. ඒක ඇත්ත. හැබැයි මාල කඩන හොරුන්ටයි, කුඩුකාරයන්ටයි, පාතාලයන්ටයි පොලිසියට ගහන්න දෙන්න බෑ.

0 Comments:
Post a Comment