468X60 Ad

Gayesha talks about gossip with ukussa - ගයේෂා කටකතා ගැන උකුස්සා සමඟ කතා කරයි

රූප සුන්දරියක්, රංගන ශිල්පිණියක්, නර්ථන ශිල්පිණියක්, නිවේදිකාවක් හා මෝස්තර නිරූපිකාවක් යන බොහෝ අංශ වලින් දස්කම් පාන ගයේෂා පෙරේරා ගැන පසුගිය කාලය තුළදී විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඒ අතුරින් වේබ් අඩවි තුළ තිබූ පුවත් විශේෂයෙන් කතා බහට ලක්විය.

තම පෙම්වතා සමඟ අමනාප වී වස පානය කර ඇති බව,

තම පෙම්වතා විසින් ස්වර්ණවාහිනී නාලිකාවේ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩහනේ නිෂ්පාදක වන අමිල නුවන් වාදසිංහ හට මරණීය තර්ජනය කිරීම හේතුවෙන් ගයේෂා ව එම තරඟයෙන් ඉවත්
කර ඇති බව.

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් මැදිරියේදී ගයේෂා විසින් තම පෙමවතාට පහරදීම.

යනාදී නොයෙකුත් පුවත් පලවී තිබිණි.

ඉතිං උකුස්සා මේ සම්බන්ධ ඇත්ත නැත්ත තොරතුරු දැනගැනීමට ගයේෂා ව සම්බන්ධ කරගැනීමට කිහිප විටක් උත්සහ කළද ඇගේ කාර්ය බහුල ජීවන රටාව තුළ නොහැකි විය. නමුත් සිය උත්සාහය අත්නොහළ  උකුස්සා ට ගයේෂාව සම්බන්ධ කරගැනීමට හැකිවිය.

උකුස්සා සමඟ ගයේෂා කළ කෙටි සංවාදය

උකුස්සා : ඉතිං ගයේෂා මොනවද අලුත් තොරතුරු?

ගයේෂා : පහුගිය කාලේ ටෙලි නාට්‍යයක රූගත කිරීමකට සහභාගි වුණා. එම ටෙලි නාට්‍යය විකාශය වීම පසුගියදා ආරම්භ වුණා.  තවත් ටෙලි නාට්‍යයකට මේ දිනවල සම්බන්ධ වෙනවා.

උකුස්සා : පසුගිය කාලයේදී ඔබ ගැන විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ පල වුණා. විශේෂයෙන් වෙබ් අඩවි තුළ. ඔබ වහ බිව්වද?

ගයේෂා : වහ බිව්වනම් මං මැරෙන්න එපැයි. ඒත් මං මේ හොඳට සතුටින් ඉන්නේ. එකේ කිසිම සත්‍යතාවයක් නැ.

උකුස්සා : එතකොට ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් වැඩසටහනේ නිෂ්පාදකයට ඔබගේ පෙම්වතා මරණිය තර්ජනයක් කරපු නිසා ඔබව එම තරඟයෙන් ඉවත් කරාද?

ගයේෂා : අමූලික බොරු. මොකද ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් එකෙන් මාව අයින් කලේ නැහැ කවදාවත්, මමයි අයින් වුනේ මොකද, එකේ වෙච්ච අසාධාරණකම් රටම දන්නවා.

උකුස්සා : ඉතිං පෙම්වතා ගැන කියන්නේ නැද්ද?

ගයේෂා : එයගේ නම හසන්ජිත්  ඔහු තරුණ ව්‍යවසායකයෙක්. ඩිබග් සමූහයට අයත් සමාගමක ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. මීට කලින් ඔහු ඉතාලියේ පිහිටි ශ්‍රී ටීවි ආයතනයේ ශ්‍රී ලංකා කළමණාකරු වශයෙන් සේවය කළා. එවගේම ඔහු ගායකයෙක්. ඔබයි මගේ ජීවිතේ ගීතය ගායනා කරන්නේ ඔහු.

උකුස්සා : එතකොට ගයේෂා කවදද විවාහය?

ගයේෂා : ලබන අවුරුද්දේ මැයි මාසේ ගල්කිස්ස මහ හෝටලයේදී මම හසන්ජිත් සමඟ විවාහ වෙනවා. මගේ විවාහය සම්පූර්ණ උඩරට ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. විවාහය සැලසුම් කටයුතු බාරව ඉන්නේ  Events & Trends කියන ආයතනය.
  
උකුස්සා : උකුස්සා සමඟ කතා කිරීම ගැන අපගේ ස්තූතිය.

ගයේෂා : සත්‍ය තොරතුරු හෙළිකිරීමට අවස්ථාවක් දීම ගැන Ukussa.com වෙත මගේ ස්තූතිය පුද කරනවා.

ගයේෂා ගේ නවතම ඡායාරූප කිහිපයක් ඇය අප හට ලබා දුන්නා. ඒවා සියල්ල බැලීමට පහත Link එක ක්ලික් කරන්න


3 Comments:

Anonymous at: October 8, 2011 at 3:40 PM said...

Hmmmmm. . . Atta da me kiyanne

Anonymous at: October 15, 2011 at 3:00 PM said...

Good News.......Gayesha gana aththa danaganna lebune ukussa.com eken witharai.

Anonymous at: October 15, 2011 at 3:09 PM said...

Gayesha ge Boy friend wa api adane dakke.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com