468X60 Ad

Malaka Silva did not hit me - Major - මාලක සිල්වා මට ගැහුවෙ නෑ.... - මේජර් කියයි

ජයික් හිල්ටන් හෝටලයේදී පසුගියදා සිදුවූ පහරදීම සම්බන්ධව දිවුරුම් ප්‍රකාශයක් දීමට පහරකෑමට ලක්වූ බව කියන යුධහමුදා මේජර් ප්‍රදීප් සූරසේන මහතා අද දින (18 වැනිදා) ඉදිරිපත් වී තිබෙනවා. එම ප්‍රකාශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන දෙදෙනා තමාට පහර නොදුන් බවය.

පසුගිය සැප්තැම්බර් 9 වැනිදා ජයික් හිල්ටන් හෝටලයේදී මෙම මේජර්වරයාට පහර දුන්නැයි සැකපිට ඊයේ හත් දෙනෙකු රිමාන්ඩ් කරනු ලැබූ අතර ඔවුන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. මේජර්වරයාගේ මෙම ප්‍රකාශයත් සමඟම ඔවුන් නිදහස් වනු ඇතැයි වාර්තා වනවා.

අදාළ නඩුව සමතයකට පත්කරගැනීමට තමන් කැමති බවද මේජර්වරයා කියා සිටියේ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේය. මේජර්වරයා මෙසේ කටයුතු කරන්නට ඇත්තේ යම්කිසි බලපෑමක් මතදැයි සැක පහළ වී තිබෙනවා.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com