ජනප්‍රිය නිළි උදාරි වර්ණකුලසුරිය පසුගිය දිනවල සියලු රුගත කිරීම්වලින් බැහැරව සිංගප්පුරුව බලා ගොස් සිටියේ සිය කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙනි. මෙයට මාසයකට පමණ පෙර ඇගේ දරු ප්‍රසුතිය සිංගප්පුරුවේදී සිදු කෙරුණු අතර පසුගියදා ඇය සිය දියණියද සමඟ නැවත ලංකාවට පැමිණ තිබෙනවා.
උදාරි හා ඇගේ සැමියා වන සුජිත් ඔවුන්ගේ කුලුදුල් දියණියට නම් තබා ඇත්තේ ෂෙනර්යා උමෙයිලි යනුවෙනි. ෂෙනර්යා යන නමේ අදහස වන්නේ දෙවිවරුන්ගේ රැජන බවත් උමෙයිලි යනු උතුම් වූ මවක් වන කාන්තාවක් බවත් උදාරි පවසා තිබෙනවා.
ෂෙනර්යගේ පැමිණීමෙන් පසු රංගනයට තිත නොතබන බවත් ඇගේ සියලු වැඩකටයුතු සොයාබලන අතරේ රංගනයට නැවත යොමුවන බවද උදාරි පවසයි.
වැඩිදුරටත් උදාරි පවසන්නේ දියණිය ෂෙනර්යා සතුව ඇත්තේ සිය සැමියාගේ සුජිත්ගේ රූප ලක්ෂණ බවත් තමාගේ අංග ලක්ෂණ කිසිවක් නොමැති බවයි.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment