හෂීශ් නැමති මත්ද්‍රව්‍ය සඟවන ලද සඟරා පාර්සලයක් ලබාගන්නට පැමිණ පෙරේදා (18 වැනිදා) හසුවූ විදේශ ජාතිකයා පිළිබඳ වැඩිදුර සොයාබැලීමේදී තවත් අලුත් කරුණු රැසක් අනාවරණය කරගන්නට පොලීසිය මේ වනවිට සමත්වී සිටිනවා.
බ්‍රිතන්‍ය ජාතිකයෙකු වන මොහු මෙරට රැඳී ඇත්තේ මෙරට පිහිටි තානාපති කාර්යාලයක සේවය කරන සුදු ජාතික කාන්තාවකගේ නො. 67 හඩ්සන් පාර, කොළඹ 03 ලිපිනයට අයත් කොල්ලුපිටියේ පිහිටා ඇති නිවසක බව පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.
මෙම නිවස කුළියට ගත් එකක් බවත් එහි අයිතිය ඇත්තේ ප්‍රසිද්ධ නිළි ඇන්ජලා සෙනෙවිරත්නට බවත් වාර්තා වෙනවා.
මෙම හෂීශ් පාර්සලය ඉහත ලිපිනය සහ ඇන්ජලාගේ නම සඳහන් කර එවා ඇතත් එම නිවසේ ඇන්ජලා වාසය කර ඇත්තේ මීට වසර 10 කට පමණ පෙර බව ඇය විසින් අද 'දි අයිලන්ඩ්' පුවත්පතට පවසා තිබේ.
වයස අවුරුදු 20ත් 25ත් අතර වයස් වල පසුවන මෙම සුදු ජාතික යුවල ඇන්ජලාගේ මිතුරන් බවත් මෙම නිවස කුළියට ගෙන ඇත්තේ පසුගිය සතියේ අප්‍රේල් 4 වනදා සිට බවත් වැඩිදුර වාර්තා වේ.
මෙම සුදු ජාතික දෙපල හෂීශ් පාර්සලය ලබාගැනීමට පැමිණ ඇත්තේ ඇන්ජලා ලියූ ආකාරයේ දැක්වෙන ලිපියක්ද අතැතිවය. එම ලිපියේ සඳහන් ව තිබී ඇත්තේ මෙම ලිපිය රැගෙන එන තැනැත්තාට මෙම පාර්සලය ලබාදෙන ලෙස සහතික කරමිනි.
එම ලිපිය සැබෑ ලෙසම ඇන්ජලා ලිව්වාද එසේත් නොමැතිනම් මෙම සුදු ජාතික දෙපල ඇන්ජලාගේ නම ව්‍යාජ ලෙස භාවිත කර කරන ලද සැලසුමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
අදාළ පාර්සල් පරීක්ෂා කිරීමේදී එහි විදෙස් සඟර වලට අමතරව හඳුන්කූරු පෙට්ටියක් හා ස්වර්ණාභරණ කිහිපයක්ද තිබී ඇත.
සඟරාවල සූක්ෂම ලෙස සඟවා තිබූ හෂීශ්වල බර ප්‍රමාණය ග්‍රෑම් 366ක් වන අතර එහි වටිනාකම රුපියල් 75,000ක් පමණ වන බව වාර්තා වෙනවා.
මෙය දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය සැලසුම් සහගත ජාවාරමක්දැයි පරීක්ෂණ පවත්වයි.
මෙම සිද්ධියට අදාළ උකුස්සා මුල් පුවත මෙතනින්
Hashish To Angela Seneviratne - හෂීශ් මත්ද්‍රව්‍ය ඇවිත් ඇත්තේ නිළි ඇන්ජලා සෙනෙවිරත්නගේ නමටයි
Friday, April 20, 2012
Subscribe to:
Post Comments (Atom)
2 Comments:
Mey thorathuru shampoo yen am Asanga baba prakaashakarami. Way in erandi karanna.
Asathya thorathuru
Post a Comment