කලකට පෙර ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ නව දිල්ලියේ සිට මධ්‍යම තැපෑලට ලැබුණු හෂීශ් පාර්සලය පිලිබඳ සිද්ධිය මේ වනවිට මහත් කතබහට ලක්වෙන ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබෙනවා.
ඇන්ජලා මේ වනවිට අතුරුදහන්ව ඇතැයි ඇතම් මාධ්‍ය විවිධ පුවත් පළකොට තිබෙන මේ මොහොතේදී, එම චෝදනා ඇය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඇය පවසන පරිදි ඇයට මෙම කාරණාව මුලින්ම ආරංචි වී ඇත්තේ අයිලන්ඩ් පුවත්පතේ නියෝජිතයෙකු මාර්ගයෙනි.
මේ වනතුරුත් වැඩිදුර තොරතුරක් නොදත් ඇය පවසන්නේ තමාගේ නමට පාර්සලයක් එවා ඇති බව පමණක් දන්නා බවය.
පාර්සලයේ සඳහන්ව තිබූ ලිපිනයට අදාළ නිවසේ ඇය මීට වසර 10කට පමණ පෙර පදිංචිව සිට ඇතත් ඉන් පසු අද වනතුරු එම නිවසේ කිසිම කෙනෙකු සමඟ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා. එලෙසම කිසිම විදියක පාර්සලයක් ලබාගැනීම පිණිස කිසිම ආකාරයක ලිපියක් ඇය විසින් කිසිවෙකුටවත් ලබාදී නොමැති බව ඇය තරයේ ප්‍රකාශ කරයි.
සිද්ධියට අදාළ උකුස්සා වාර්තා කළ පෙර පුවත්
ප්‍රසිද්ධ නිළියකගේ නමට රට ඉදං කුඩු එයි
හෂීශ් මත්ද්‍රව්‍ය ඇවිත් ඇත්තේ නිළි ඇන්ජලා සෙනෙවිරත්නගේ නමටයි
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment