ඊයේ අලුයම රාගමින් අල්ලා ගත් කිඹුලා දෙහිවල සත්ත්වෝද්‍යානයට බාර දීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි වාර්ථා වෙනවා.
රාගම ප්‍රදේශයේ වගුරු බිමකදී පුද්ගලයකු ගොදුරක් කර ගත් බවට සැකකෙරෙන මෙම කිඹුලා අල්ලා ගැනීමට ඊයේ අලුයම ප්‍රදේශවාසීහු සමත් වුණා.
මිය ගිය කිඹුලාගේ හිසේ පොරවකින් පහර දුන් බවට වු සලකුණු දක්නට ඇති බව පැවසේ.
ඊට අමතරව කිඹුලා අල්ලා ගැනීමට භාවිත කළ ඇම සුසුම්නාවේ පැටලීමෙන් කිඹුලාගේ හුස්ම හිරවී ඇති බවට අනාවරණය වූ බවත් වනජීවි නිලධාරීහු සදහන් කළා.

සත්ත්වේදීන් පවසන පරිදි කිලෝ 850ක් පමණ බරින් යුත් මෙම කිඹුලා වසර 100කට පමණ පසුව ලංකාවෙන් හමු වූ විශාලතම කිඹුලා වේ. එමෙන්ම එම කිඹුලා මෑත කාලයේදී ආසියාවෙන් හමුවූ විශාලතම කිඹුලා යැයිද සැක කෙරේ.
කිඹුලා අල්ලාගත් බව උකුස්සා වාර්ථා කළ පෙර පුවත >> http://www.ukussa.com/2012/02/murderous-crocodile-caught-at-ragama.html
0 Comments:
Post a Comment