468X60 Ad

Hirunika's Love will End - හිරුණිකාගේ පෙම හමාරයි

මුල්ලේරියාවේදී සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කරමින් විවිධ අසත්‍යය කට කතා පැතිරෙන විට හිරුණිකාගේ පෙම්වතා වන්නේ පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුතු වන රන්දිම ගමගේ බව වාර්ථා වුණා.


නමුත් එම සම්බන්ධතාවය මේ වනවිට අවසන්වී ඇති බව හිරුණිකා අද (12 වැනිදා) ලංකාදීප පුවත්පතට අදහස් පළකරමින් ප්‍රකාශ කර තිබෙනවා. එම සාකච්ඡාවෙන් කොටසක් පහතින් දැක්වේ.

ඔබට පෙම්වතෙක් ඉන්නවා නේද?
මම වසර 5 ක් සම්බන්ධතාවයක් පැවැත්වුවා. එදා මම මාධ්‍යය සමග හැසිරෙන්න දැනගෙන හිටියේ නැහැ. මාධ්‍ය අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ගියා.. මං නිසා තාත්තගේ නම කැත වේවි කියල මට ලොකු බයක් දැනුනා.

මගේ පින්තුර ඉන්ටනෙට් එකේ දාල ..තව අය එක්ක යාලුයි කියල කියනවා...මම කලේ රූපවාහිනියට කතා කළා..මම බඳින්න ඉන්න එක්කෙනා කියලත් පෙන්නුවා..මම හරි මෝඩ වැඩක් ඒ කලේ.මේ රටේ දේශපාලනය කරන්න මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න ඕන.මම දැන් තේරුම් අරන් ඉන්නේ ඕනවට වඩා අවංක වෙලත් හොඳ නැහැ.

ඔබ ඔහු සමග විවාහ වනවාද?
දැන් ඒ සම්බන්ධය නැහැ..තාත්තගේ සිද්ධියෙන් පසු අපි තේරුම් ගත්තා මම යන ගමන සැර වැඩියි කියල මම තේරුම් ගත්තා..මම යන ගමන එක්ක ඔහුටත් ප්‍රශ්නයක් වේවි. මේ වෙලාවේ තවකෙනෙකුට අවධානය යොමු කරන්න අමාරුයි.

මගේ ඔලුවේ තියෙන්නේ තාත්තගේ නඩුව දිනන එක..අපි ටික කාලයකට වෙන් වෙන්න තීරණය කළා..මේක නොකෙරෙන දෙයක් බවට පත්වෙලා ඉවරයි.. ඉදිරියට කොහම වෙනස් වේවිද දන්නේ නැහැ. මම දේශපාලනයට එන්න තීරණය කරලා ඉවරයි.

අපි දේශපාලන පවුල් දෙකක්. තාත්තගේ නම ගෙනියන්න මට අවශ්‍යයි. අපි වෛරක්කාරයෝ වෙලා නැහැ. තාත්තා හැර මට සමීපව හිටියේ ඔහුයි.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com