ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ට පෙනහළු පිළිකාවක් වැළඳී ඇතැයි පසුගිය සතීයේ වාර්ථා වීමත් සමඟම ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ඇතුළු සමස්ථ ලෝක වාසී ක්‍රීඩා ලෝලීන් මහත් කනස්සල්ලයට පත්විය.
මේ වනවිට ඔහුට සුවය ප්‍රාර්ථනා කරමින් නොයෙකුත් පූජාවන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල පැවැත්වෙමින් තිබේ.
යුවරාජ් ගේ වෛදවරයා වන නිටේෂ් රෝහට්ගි පසුගිය සඳුදා ඉන්දියාවේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ මෙම පිළිකාව මුලින්ම හඳුනා ගත් බැවින් එය සුවකළ හැකි බවය.
මේ වනවිය සති තුනක රසායනික චිකිත්සාවක් සඳහා යුවරාජ් ඇමරිකාවට ගොස් ඇත.
වෛද්‍ය රොහට්ගි මහතා වැඩිදුරටත් පැවසුවේ එම රසායනික ප්‍රතිකාර වලින් පසුව යුවරාජ් නැවතත් හොඳ ශරීර සුවතාවයකට පත්වී සති දහයක පමණ කාලයකදි පෙර සේ ක්‍රිකට් ක්‍රිඩාවට අවතීර්ණ විය හැකි බවය.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment