ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග්-27 වර්ගයේ ප්රහාරක ගුවන් යානයක් හදිසි අනතුරකට ලක්ව කඩාවැටී ඇතැයි වර්ථා වුණා.
අද (13 වැනිදා) දහවල් 1.35 ට පමණ බිංගිරිය, දුම්මලසූරිය, හැවන ප්රදේශයේ ඇති සණස බැංකුව අසලටයි අනතුරට පත් මෙම මිග්-27 ප්රහාරක යානය කඩා වැටී තිබෙන්නේ.
මෙම යානය අනතුරට පත්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපළින් ගුවන් ගතවී පුහුණුවෙමින් පවතින අතරතුරදීය.
අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී්රයව ජෙට් යානයෙන් ඉවත්වී අනතුරකින් තොරව සිය පැරෂුයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස ඇත.
කඩා වැටුණු යානයේ ඡායාරූප පහතින්
ඡායාරූප: සුපුන් යසිරු රන්සර
ඡායාරූප: සුපුන් යසිරු රන්සර
Click on the image to see large
0 Comments:
Post a Comment