468X60 Ad

General Fonseka was sentenced to three years imprisonment - ජෙනරාල් ෆොන්සේකාට වසර 3 ක සිර දඬුවමක්‌


වසරකට අධික කාලයක් මහාධිකරණයේ විභාග වූ සුදු කොඩි නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට වසර 03ක සිර දඬුවමක්‌ නිම කළේය.

ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති දීපාලි විජේසුන්දර මහත්මිය හා ඒ ඉෂෙඩ් රෂික් විනිසුරුවරු ඔහු පළමු චෝදනාවට පමණක් වරදකරු කළ අතර ඩබ්ලිව්.එම්.ටී.බී. වරාවැව මහතා ඔහුව සියලුම චෝදනා වලින්
නිදහස් කෙළේය.

යුද්ධය පැවති අවසන් දිනවල සුදුකොඩි රැගෙන හමුදා භාරයට පැමිණි කොටි නායකයන්ට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ යැයි සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. දෙවැනි හා තෙවැනි චෝදානා වූයේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා මහජන කැලැඹිලි ඇති කිරීමයි. මුල් චෝදානවට වසර තුනක සිරදඩුවමක් ද රුපියල් පන්දහසක දඩයක් ද නියම කළ විනිසුරු දෙපොළ දඩය නොගෙවන්නේ නම් තවත් හය මාසයක සිරදඩුවමක් ද නියම කරන බව කීහ.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com