468X60 Ad

2012 Budget - 2012 අයවැය

2012 වර්ෂය සඳහා වූ අයවැය වාර්තාව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය, ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (21) පස්වරු 1.50 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අයවැය සාරාංශය මෙසේය...
3 වන දරුවාට ලක්ෂයේ දීමනාව පොලිසියටත්
ආරක්ෂක අංශවල සාමාජිකයින්ගේ පවුල්වල උපත ලබන තුන්වන දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමේ යෝජනාව 2012 වසරේ සිට පොලිස් නිලධාරීන් වෙත
ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2012 අයවැයෙන් යෝජනා කර තිබේ.

ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදීන්ට පොලී රහිත රථවාහන ණය 
වසර 25 ක පළපුරුද්ද ඇති ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ කලාකරුවන් හට රුපියල් මිලියන 1 .2 දක්වා පොලී රහිත රථවාහන ණය ලබාදීමට 2012 අයවැයෙන් යොජනා කර තිබේ.

රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තුවේ සංශෝධනයක්
සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තුව සඳහා වන ගාස්තුව ඉහළ නැංවීමටත්, ලොරි සහ බස් රථ සඳහා වන ගාස්තුව වෙනසක් සිදුනොකිරීමටත් යෝජනා කර ඇත.
  
පැය 48 ක් සඳහා එන සංචාරකයින්ට වීසා ගාස්තු නෑ 
පැය 48 ක කාලයක් සඳහා පමණක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා ගාස්තුවක් අයනොකිරීමට යෝජනා කර තිබේ.
  
සංචාරක කර්මාන්තයට ගෙන එන බස් සඳහා වැට් බද්ද ඉවතට 
සංචාරක කර්මාන්තය සඳහා ආනයනය කරනු ලබන බස් රථ සඳහා වන වැට් බද්ද ඉවත්කිරීමට 2012 අයවැයෙන් යෝජනා කර තිබේ.

එමෙන්ම ගුවන් කොටුපළ කුලී රථ සේවය සඳහා ආනයනය කරන වාහන සඳහා අයකරන වැට් බද්දෙන් 50% ක් අඩු කිරීමට ද යෝජනා කර ඇත.

උ/පෙළ සමත් සිසුන් වෘත්තීය පුහුණු ආයතන සඳහා ද සුදුසුකම් ලබයි
අ.පො.ස උසස් පෙළ විභාගය සමත්වන සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මෙන්ම වෘත්තීය පුහුණු ආයතන ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලැබීම පිළිබඳව 2102 අයවැය වාර්තාවෙන් යෝජනා කර තිබේ.
  
සෞඛ්‍ය ක්ෂේත්‍රයට මිලියන 500 ක් 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන්කරන බව 2012 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
 
රජයේ දේපළ විකුණන්නේ නෑ - බදු දෙනවා පමණයි
මින් ඉදිරියට රජයේ ඉඩම් හා දේපළ පෞද්ගලික අංශයට අලෙවි නොකරන බවත්, වසර 99 බදු කාල සීමාවක් සඳහා පමණක් රජයේ ඉඩම් ලබාදෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නමුත් එම ඉඩම් හා දේපළ ලබාදෙන ආයෝජකයින් වසරක් තුළ අයෝජන කටයුතු සිදුනොකහොත් එම දේපළ නැවත් ලබාගන්නා බව ද 2012 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
  
රාජ්‍ය සේවකයින් හට 10% ක වැටුප් වැඩිවීමක්
සියලුම රාජ්‍ය සේවකයින්ගේ සහ ආරක්ෂක අංශවල නිලධාරීන් සඳහා 10% ක මූලික වැටුප් වැඩිවීමක් ලබාදීමට 2012 අයවැයෙන් යෝජනා කර තිබේ.

එමෙන්ම රජයේ මාණ්ඩලික තනතුරු සඳහා 05% ක වැටුප් වැඩිවීමක් ලබාදීමට සහ වෛද්‍යවරුඅනද්‍යන කාර්යය මණ්ඩල සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත ද වැටුප් වැඩිවීමක් ලබාදීමට අයවැයෙන් යෝජනා කර ඇත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com