468X60 Ad

Nehara Leaves FACEBOOK - නෙහාරා ෆේස්බුක් හැරයයි.

ජනප්‍රිය නිළි නෙහාරා පීරිස් තම පෞද්ගලික ෆේස්බුක් ගිණුම ඊයේ(28) නිෂ්ක්‍රීය කර ඇත. නිෂ්ක්‍රීය කිරීමට දින දෙකකට පෙර ඇය මේ බව තම ෆේස්බුක් වෝල් එක මත සඳහන් කොට තිබිණි.

තම පෞද්ගලික ගිණුම අක්‍රීය කළද, වර්ථමානයේදී ඇය විසින් පවත්වාගෙන යන ෆෑන් පේජ් එක මඟින් ඉදිරියටත් මිතුරු මිතුරියන් සමඟ සම්බන්ධතාවය පවත්වන බව ඇය පවසා ඇත. දනට එහි මිතුරු මිතුරින් 750 කට ආසන්න සංඛ්‍යාවක් ඇත.

මින් ඉහතදී
නෙහාරා සතුව ෆෑන් පේජ් එකක් තිබූ අතර එහි මිතුරු මිතුරියන් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි. එසේ මිතුරු මිතුරියන් ලක්ෂයක් ඉක්මවූ ප්‍රථම ශ්‍රී ලාංකික නෙනෙකු සතුවූ පි‍ටුව ලෙස ෆේස්බුක් වාර්ථාවක් පවා ඇය සතුවිය. අවාසනාවකට මෙන් තම සැමියා වන නිර්මාල් ගෙන් වෙන්වීමත් සමඟම නිර්මාල් විසින් නඩත්තු කරනු ලැබූ එම පි‍ටුවට අගුල් වැ‍ටුණි. එහි රහස්‍ය අංකය පවා ඔහු විසින් වෙනස් කර එම පි‍ටුව නිෂ්ක්‍රීය කර ඇති බවද එකළ වාර්ථා විය.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com