භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අනාගතයේ දේශපාලනයට පිවිසීමට සුදානම් බව පුවත්පතකට ප්‍රකාශයක් කොට තිබෙනවා.
කොලොන්නාව ජනතාව තනි නොකරමින් ඇය දේශපාලනයට පිවිසීමට කැමැත්තෙන් සිටින බව ඇය වැඩි දුරටත් ප්‍රකාශකොට තිබෙනවා.
ඇයගේ සම්පුර්ණ කතාව පහතින්
"තාත්තා ඇත්තටම සැහැල්ලු චරිතයක්. ඇතුළේ කිසි දෙයක් නැති පිරිසදුම චරිතයක්.කිසිම කෙනෙකුට හිංසාවක් කළේ නෑ. ඒකම තමයි මටයි මල්ලිටයි පිහිටලා තියෙන්නේ. කිසිම මනුස්සයෙකුට බැන්නෙත් නෑ. අඩුම ගානේ සතෙකුටවත් හිංසා කළේ නැහැ.
එහෙම මනුස්සයෙක්ව සතෙක් වගේ මරලා දැම්මා. අපි ගෙදර හිටියත් සමහර වෙලාවට තාත්තා දකින්නේ සතියකින් විතර. මේ මරණය සිදුවුණ දවසේ උදෙත් මම තාත්තා දැක්කේ නෑ. තාත්තා බාත්රූම් එකේ හිටියේ. මම ඇහුවා ඉක්මනට එනවද කියලා. විනාඩි දෙකක් දෙන්න කිව්වා.
මං කිව්වා මට පරක්කු වෙනවා කියලා. අනේ එදත් මට මගේ තාත්තාගේ මුණ බලන්න බැරි උනා.
තාත්තා දේශපාලනෙන් හරියට බැට කෑවා. අධ්යක්ෂ ජෙනරාල් වුණාට පස්සෙවත් අපි හිතුවා ගෙදර ඉදීවි කියලා.
මේ එන ජනතාව දිහා බලද්දි තාත්තා මොන විදියේ ජනප්‍රිය කෙනෙක්ද කියලා තේරෙනවා. අද මඩකළපුවෙනුත් සෙනග ආවා. අපි හිතුවේ කොළොන්නාවේ ජනතාව විතරයි තාත්තාට ඉන්නේ කියලා. දැන් බලපුවාම මුළු රටේම ජනතාව තාත්තා බලන්න ආවා.
තාත්තා මොනතරම් ජනප්‍රියද. ඒ තාත්තට වෙඩි තියපු පාර්ශවයේ අනිත් කෙනාටත් සෙනග හිටියනේ. කෝ එයාව බලන්න මිනිස්සු ගියා කියල ආරංචියක් තියෙනවද?. එත් මගේ තාත්තට වෙඩි තිබ්බා කිව්වම කොච්චර සෙනඟක් ආවද? දෙන්නම දේශ ඟ ඥයෝ.දේශපාලඥයෝ කියන්නේ ජනතාවගෙන් පඩි ගන්න අය.
ජනතාවගේ මනාපෙන් ඒ අය පත්වෙන්නේ. අපි කොලොන්නාවෙන් යන්න හේතුවත් එකයි. ගෙදර හැම කාමරයක් ගානෙම සෙනග. තාත්තා ජනතාවගේ කෙනෙක්.අම්ම වැඩ කලේ ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ කලේ.තාත්තගේ දේශපාලනයට උදව් වෙන්න අම්මා රස්සාවෙන් අයින් වුනා.
අපිට ඉන්න තැනක් නෑ. මට රස්සාවක් නෑ. මල්ලි තවම ඉගෙන ගන්නවා. අපි දැන් ඉන්න තැනින් යන්න වුනොත් සීයාගේ මහ ගෙදර තමයි යන්න තියෙන්නේ. තාත්තා මොනවත් අපිට ඉතිරි කලේ නැහැ. තාත්තා ඉතිරි කලේ මේ ජනතාව විතරයි. අපි විතරක් නෙවෙයි මුළු කොලොන්නාවම අඩයි. තාත්තා නිසා පවුල් කියක් ජිවත් වුනාද?
මේ ලඟදි දවසක මම තාත්තාට කිව්වා කොලොන්නාවෙන් අනවශ්‍යය මිනිස්සු ජන්දේ ඉල්ලනවා තාත්තා ඉල්ලන්නේ නැත්නම් මම ඉල්ලන්නද? මට එකට ඉඩ දෙන්න කියලා. තාත්තා කිව්වා හදිසි වෙන්න දෙයක් නැහැ. ඉස්සරවෙලා මිනිස්සු අදුරගන්න කියලා කිව්වා. මම අවරුදු 4 ක් විතර පිටරට ඉඳලා ගිය අවුරුද්දෙ ආවේ. ඉස්සර මම තාත්තත් එක්ක තාත්තගේ ජන්දෙට ඉස්සරහින්ම ගියා.
මගේ මල්ලි දේශපාලනේට කැමති නැහැ. නමුත් මම එකට කැමතියි. කොලොන්නාවට සිංහයෙක් වගේ හිටපු මනුස්සයෙක් අද නැති කළා.
මම බලාපොරොත්තු වනවා කොලොන්නාව තනි නොකරන්න. අද කොලොන්නාව බාරගන්න කෙනෙක් නැහැ. මට කවදාවත් තාත්තා වෙන්න බැහැ. තාත්තා ළඟ තිබුන මිනිස්සුන්ට උදව් කිරීමේ කැමැත්ත ඉදිරියට ගෙනියන්න මම සුදානම්.

0 Comments:
Post a Comment