යකඩ යකා 17 වියැති මිහාරි හා ඇගේ ආදරවන්තයා බිලි ගනී.
පසුගිය අගෝස්තු 04 වන දින දෙහිවල සිට ගල්කිස්ස දෙසට දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි මොවුන් දෙපළ කොළඹ සිට කළුතර බලා ධවනය වූ දුම්රියක ගැටී මරණයට පත්වී ඇත.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසන පරිදි
කොළඹ දෙසට ධවනය වූ දුම්රියක් දැක එම මාර්ගයෙන් අනෙකුත් දුම්රිය මාර්ගය වෙතට පමිණෙනවාත් සමඟම අනෙක් පසින් පැමිණි තවත් දුම්රියක ගැටී මෙම අනතුර සිදු වූ බවය.මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල, කළුබෝවිල රෝහල ඉදිරිපිට අංක 352/6බී දරණ නිවසේ පදිංචිව සිටි පිළින්දගේ මිහාරි මදුෂාණි නම් 17 වියැති තරුණිය හා ඇගේ පෙම්වතා වූ නුගේගොඩ, උඩහමුල්ල අමරතුංග මාවතේ අංක 32/9 දරණ නිවසේ පදිංචිව සිටි ගෝවින්නගේ ශෙහාන් තාරුක පෙරේරා යන 21 වියැති තරුණයෙකි.
මෙම සිද්ධියේ තවත් අවාසනාවන්තම සිද්ධියක් නම්, මොවුන් දෙපළගේ මෘත ශරීර දෙක රැගෙන යාමට පැමිණ ඇත්තේ මිහාරිගේ පියාණන් වූ පියපාල වන අතර ඔහු කළුබෝවිල, පීරිස් මල් ශලාවේ රියදුරු තනතුරේ සේවය කරන්නෙකි. සිය එකම දියණියගේ මළ සිරුර දුටු සැනින් "දෙයියනේ මේ මගේ දුව" යනුවෙන් ඉතා දැඩි ශෝකයෙන් කෑගසන්නට විය.
3 Comments:
Hitha kampa karawana news ekak.......mewa honda padam anith ayatath..
adaraya karana kota bhahira dewal gana meeta wada awadaanen inna ona.
adaraya anday kiyanne okata thamay
Post a Comment