468X60 Ad

Malinga's World Record

මාලිංග Hat-Trick එකක් තුන් පාරක් අරන් ලෝක වාර්ථා පොතට යයි.
ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා  5 වන හා අවසන් එක් දින තරඟයේදී ලසිත් මාලිංග පිට පිට යැවූ පන්දු 3 කින් කඩුළු 3 ක් ලබා කඩුළු ත්‍රිත්වයක් (Hat-Trick) ලබා ගත් අතර එය ඔහු ලබාගත් 3 වන කඩුළු ත්‍රිත්වය විය. එසේ කඩුළු ත්‍රිත්වයක් තුන් වරක් ලබාගත් ලොව ප්‍රථම හා එකම ක්‍රීඩකයා වෙමින් ඔහුගේ නම වාර්ථා පොත් අතර සටහන් විය.
ශ්‍රී ලංකාවේ චමින්ද වාස්‌ සහ පාකිස්‌තානු ක්‍රීඩකයන් දෙදෙනකු වන වසීම් අක්‍රම් සහ සක්‌ලේන් මුස්‌ටාක්‌ මාලිංග සමගින් මීට පෙර...
කඩුලු ත්‍රිත්ව 2 බැගින් වාර්තා කොට සම තත්ත්වයේ පසුවිය.

2007 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක්‌ දවා ගනිමින් ලොව එවැනි දස්‌කමක්‌ කළ පළමු සහ එකම ක්‍රීඩකයා බවට පත් වූ මාලිංග නැවතත් පසුගිය 2011 ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්‌ ලබා ගැනීමට සමත් විය.

එම දස්කම කරන අයුරු පහත වීඩියෝව මඟින් නරඹන්න. 

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com