468X60 Ad

Rajiv Gandhi Killers to be hanged on September 9 රජීව් ඝාතකයෝ 09 වැනිදා එල්ලයි

0 Comments
රජිව් ඝාතනයේ විත්තිකරුවෝ තිදෙනෙකු සැප්තැම්බර් 9 වෙනිදා එල්ලයි.

1991 මැයි මස 21 වැනිදා තමිල්නාඩුවේදී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරධකරුවන් වූ තිදෙනෙකු සැප්තැම්බර් 09 වැනිදා තමිල්නාඩුවේ වෙල්ලෝර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමට නියමිතය.

මුරුගන්, ශාන්තන් හා පෙරරිවාලන් යන කොටි සාමාජිකයන් තිදෙනා මෙසේ එල්ලා මැරීමට නියමිතය. මෙයින් මුරුගන් හා ශාන්තන් යාපනේ ද්‍රවිඩ වැසියන් වූ අතර පෙරරිවාලන් ඉන්දීය ජාතිකයෙකි.

වසර 20 කට අධික කාලයක් මුළුල්ලේ රක්ෂිත බන්ධනාගාතර ගත කර සිටි මොවුනට
තව කියවන්න ►►

Sangakkara Named as the Captain of World Test Cricket Team

2 Comments
සංගක්කාර වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තේරේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන කරන ලද වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර නම් කර තිබේ.

සංගක්කාර තේරී පත්ව ඇත්තේ දෙවන වතාවට වීමද විශේෂත්වයකි.





තෝරා ගත් වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙසේය.
තව කියවන්න ►►

Angulana Incident

0 Comments
අඟුලාන සිද්ධියට සම්බන්ධ හිටපු ඕ.අයි.සී. ඇතුළු 4 දෙනාටම  
මරණීය දණ්ඩනය.

අඟුලානේ තරුණයන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අඟුලාන පොලීසියේ හිටපු ඕ.අයි.සී. නිව්ටන් ඇතුළු 3 දෙනෙකුට හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෙකුට මරණ දඬුවම නියම වේ.

දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.පී.බී. වරාවැව හා කුමුදුනී වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව අද ප්‍රකාශයට පත් කර තිබේ....
තව කියවන්න ►►

Southern Highway Will Open in the Middle of September

0 Comments
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-පින්නදූව කොටස සැප්තැම්බර් දෙවැනි සතියේ ජනතා අයිතියට
අවම වේගය පැයට කිලෝමීටර් 60 යි. උපරිම 100 යි.

ශ්‍රී ලාංකේය මාර්ග ඉදිකිරීම් ඉතිහාසය උඩු යටිකුරු කරමින් මෙතෙක් ලංකාවේ ඉදිවූ පළමුවැනි අධිවේගී මාර්ගය  වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව (මාකුඹුර) සිට පින්නදූව දක්වා කොටස සැප්තැම්බර් මස දෙවන සතිය වන විට විවෘත කර, ජනතා අයිතියට පැවරීමට අවශ්‍ය සියළුම කටයුතු සම්පාදනය කර ඇති බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
තව කියවන්න ►►

Malinga's World Record

0 Comments
මාලිංග Hat-Trick එකක් තුන් පාරක් අරන් ලෝක වාර්ථා පොතට යයි.
ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා  5 වන හා අවසන් එක් දින තරඟයේදී ලසිත් මාලිංග පිට පිට යැවූ පන්දු 3 කින් කඩුළු 3 ක් ලබා කඩුළු ත්‍රිත්වයක් (Hat-Trick) ලබා ගත් අතර එය ඔහු ලබාගත් 3 වන කඩුළු ත්‍රිත්වය විය. එසේ කඩුළු ත්‍රිත්වයක් තුන් වරක් ලබාගත් ලොව ප්‍රථම හා එකම ක්‍රීඩකයා වෙමින් ඔහුගේ නම වාර්ථා පොත් අතර සටහන් විය.
ශ්‍රී ලංකාවේ චමින්ද වාස්‌ සහ පාකිස්‌තානු ක්‍රීඩකයන් දෙදෙනකු වන වසීම් අක්‍රම් සහ සක්‌ලේන් මුස්‌ටාක්‌ මාලිංග සමගින් මීට පෙර...
තව කියවන්න ►►

17 Year old Mihari & Her Lover Killed by a Train

3 Comments
යකඩ යකා 17 වියැති මිහාරි හා ඇගේ ආදරවන්තයා බිලි ගනී.
තම එකම දියණියගේ මළ සිරුර රාජකාරි රියෙන් ‍රැගෙන ගිය අවාසනාවන්ත තාත්තා.

පසුගිය අගෝස්තු 04 වන දින දෙහිවල සිට ගල්කිස්ස දෙසට දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි මොවුන් දෙපළ කොළඹ සිට කළුතර බලා ධවනය වූ දුම්රියක ගැටී මරණයට පත්වී ඇත.

සිද්ධිය ඇසින් දු‍ටුවෙකු පවසන පරිදි
තව කියවන්න ►►

2012 T-20 World Cup Cricket Matches to be held in Pallekelle, Hambantota & R. Premadasa Grounds

2 Comments
2012 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ, හම්බන්තොට හා ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී
දඹුල්ලට එකම තරඟයක්වත් දීලා නෑ.

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලෙස පල්ලෙකැලේ, හම්බන්තොට සහ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ නම් කර තිබේ.

තව කියවන්න ►►

Ruwanwelle Sobitha Thero is Now as Sunil Shantha

3 Comments
රුවන්වැල්ලේ සෝභිත නමින් 
පෙනී සිටි හිමිනම සුනිල් ශාන්ත වෙයි.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන බවට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරණයක නිරත වෙමින් සිටි රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා සිවුරු හැර සුනිල් ශාන්ත ලෙස ගිහි ජීවිතයට ඇතුළුව කටයුතු කරන බවට.....
තව කියවන්න ►►

Ukussa.com launches

0 Comments
උකුස්සා.කොම් අද සිට අන්තර්ජාලය වෙත මුදාහරිනු ලැබේ.

සත්‍ය ප්‍රවෘත්ති පමණක් ක්ෂණිකව වාර්ථාකරණයට උකුස්සා.කොම් අද සිට අන්තර්ජාලය වෙත මුදාහරින බව සතුටින් දන්වා සිටිමු. දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන තවත් වෙබ් අඩවියක් නොවන උකුස්සා, ජනතාව වෙත සත්‍ය පමණක් වාර්ථා කිරීමට සැදී පැහැදී සිටී.


ඔබගේ යෝජනා, අදහස් අප වෙත එවන්න
 ukussa@live.com 
තව කියවන්න ►►
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com