468X60 Ad

Rajiv Gandhi Killers to be hanged on September 9 රජීව් ඝාතකයෝ 09 වැනිදා එල්ලයි

රජිව් ඝාතනයේ විත්තිකරුවෝ තිදෙනෙකු සැප්තැම්බර් 9 වෙනිදා එල්ලයි.

1991 මැයි මස 21 වැනිදා තමිල්නාඩුවේදී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරධකරුවන් වූ තිදෙනෙකු සැප්තැම්බර් 09 වැනිදා තමිල්නාඩුවේ වෙල්ලෝර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමට නියමිතය.

මුරුගන්, ශාන්තන් හා පෙරරිවාලන් යන කොටි සාමාජිකයන් තිදෙනා මෙසේ එල්ලා මැරීමට නියමිතය. මෙයින් මුරුගන් හා ශාන්තන් යාපනේ ද්‍රවිඩ වැසියන් වූ අතර පෙරරිවාලන් ඉන්දීය ජාතිකයෙකි.

වසර 20 කට අධික කාලයක් මුළුල්ලේ රක්ෂිත බන්ධනාගාතර ගත කර සිටි මොවුනට
සමාව දීම, ඉන්දීය ජනපතිනි ප්‍රතිභා පටෙල් මහත්මිය විසින් ඉකුත් අගෝස්තු 07 වන දින ප්‍රතික්ෂේප කරන ලදී.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com