468X60 Ad

Goblin in a Video - ප්‍රේත ආත්මයක් වීඩියෝ ගත කෙරේ

හොරණ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන එම්.එස්.එස්. කුමාරසිරි නම් කපු මහතෙකු ප්‍රේත ආත්මයක් වීඩියෝ ගත කිරීමට සමත්වී ඇත. මෙලෙස වීඩියෝගත කර ඇත්තේ කර්ණමුන්ඩිය නම් ප්‍රේතියෙකි.

කුමාරසිරි මහතාගේ පියා ගුප්ත විද්‍යාව පිලිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයෙකු වන අතර ඔහුගෙන් ලැබූ පොත පත ඇසුරෙන් කර්ණමුන්ඩිය නම් මෙම ප්‍රේතිය බන්ධනය කිරීමේ වත්පිලිවත් කෙරෙහි අවධානය යොමුකොට ඇත.

එම ප්‍රේතිය පියවි ඇසට පෙනෙන හා නොපෙනෙන ආකාරයට ගෙන්වාගත හැකි අතර කුමාරසිරි මහතා විසින් ප්‍රේතිය පියවි ඇසට පෙනෙන ආකාරයෙන් ගෙන්වා ගැනීම විශේෂ සිද්ධියකි.

වීඩියෝ කැමරාවේ පටිගත වූ දර්ශන වලට අනුව මේ ආත්මය සම්පුර්ණ මිනිස් රුවකට සමානය. නිර්වස්ත්‍ර දේහය හුණු ගෑ ලෙසකින් දිස් වෙයි. පපු ප්‍රදේශය කාන්තාවකගේ හැඩයකින් යුක්ත වන අතර බිම දක්වා වැදුණු කොණ්ඩය අතින් ගෙන ඔඩොක්කුවේ තබාගෙන් දොලපිදේනිය දෙස බලාගෙන භාවනා කරන අයුරු දැකගත හැකිය.

කුමාරසිරි මහතා විසින් එම ප්‍රේතිය දින දෙකක බන්ධනය කරගෙන සියලු විස්තර අසාගෙන ඇත. ප්‍රේතයෙක් බන්ධනය කිරීමෙන් බොහෝ දේ කළහැකි බව පැවසේ.

වර්තමනයේ සිටින ඇතැම් වෙදදුරන්ට රෝගියෙකු හෝ කිසියම් පුද්ගලයෙකු පැමිණි විට ඔහු පිලිබඳ සියලු විස්තර දිවසින් මෙන් කීමට හැකිවන්නේ හැකිවන්නේ බන්ධනය කරගත් ප්‍රේතයන් විසින් ඒවා බන්ධනය කල පුද්ගලයාට මුමුනණන බැවින්යැයි පොත්පත්වල සඳහන් වේ.

කර්න මුන්ඩිය වීඩියෝ කැමරාවේ සටහන් වූ ආකාරය පහතින් බලන්න

වීඩියෝ දර්ශන අනුග්‍රහය හා සටහන > මව්බිම් පුවත්පත

1 Comments:

Anonymous at: August 13, 2012 at 2:31 PM said...

video eka hodata baluwahama penawa(1.40 to 2.40)
ganu kenek awith wadiwenawa, eeta passe kapuwa gihin konde odokkuwata danawa,

mewa wishwasa kalata kamak na.
mewa boruwata pennala minissunwa amaruwe dana ewunta kade yanna epaaaaaaaaaaaaaaaa

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com