බොලිවුඩ් සිනමාවේ මුල්ම සුපිරි නළුවා වූ රාඡේශ් ඛන්නා ඊයේ (18 දා) මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්රාප්ත විය. මිය යන විට හැටනව හැවිරිදි වියේ පසුවූ රාඡේශ් ඛන්නා පසුගිය මාස කිහිපය තුළ රෝගාතුර වී රෝහල් ගතවී ප්රතිකාර ලබමින් සිට ඇත.
ඔහු හින්දි සිනමාවේ එවකට සුපිරි නිළියක් වූ ඩිම්පල් කපාඩියා සමඟ විවාහ වී සිටියා. ඔහුට ටුවින්කල් සහ රින්නේ නමින් දියණියන් දෙදෙනක් ද වෙති.
1966 දී අගත්රි කගම් චිත්රපටයෙන් හින්දි සිනමාවට පැමිණි රාඡේශ් ඛන්නා ආරාධනා - රාස්නේ-සපර් ආනන්දි වැනි බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්රපටවල රංගනයෙන් දායක විය.
හිටපු ලෝක්සභා මන්ත්රීවරයකුද වූ රාඡේශ් ඛන්නා 1942 දී උපත ලැබූ අතර ජානේ ඛන්නා යෑයි හැඳින්වූ ඔහුව එක් යුවලක් විසින් හදාගෙන ඇත.
ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක් හිමිකරගත් රාඡේශ් ඛන්නාට 2005 දී ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මාන හිමිවිය.
1984 දී රාජේෂ් ඛන්නා සිය බිරිය වූ ඩිම්පල් කපාඩියාගෙන් වෙන්වී ජීවත්විණි.
මේ අසහාය සුපිරි නළුවා බොලිවුඩ් සිනමාව තුළ වඩාත්ම ජනාදරයට පාත්ර වූයේ ඔහු රැඟපෑ චිත්රපටවල ආර්. ඩී. බර්මන් සංගීතය සැපයීමත් කිශෝර්කුමාර් ගී ගැයීමත් නිසාය.
හැත්තෑව දශකයේ හින්දි සිනමා රසික රසිකාවියන් අතර අතිශයින් ජනාදරයට පත්වූ රාඡේශ් ඛන්නාගේ අවමඟුල් කටයුතු අද (19 දා) දහවල් මුම්බායි නගරයේදී පවත්වනු ලබයි.
ඔහු රඟපෑ චිත්රපටයක ඉතාමත් ජනප්රියට පත් ගීතයක් පහතින්
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment