468X60 Ad

Ajantha Mendis Becomes a Father - අජන්ත මෙන්ඩිස් පිය පදවියට

අජන්ත මෙන්ඩිස් යනු බොහොම  අපූරු පන්දු යැවීමේ ශෛලයක් ඇති, එක් නිමේෂයකදී මුළු මහත් ක‍්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්වූ සුපිරි ක්‍රිකට් තරුවකි. බොහෝ විචාරකයින් ඔහුගේ පන්දු යැවීම හැඳින්වූවේ මැජික් එකක් හැටියටය. ඇඟිලි දෙකක් පමණක් උපයෝගි කරගෙන අජන්තටම ආවේනික මෙම විස්මිත පන්දුව කැරම් බෝල් යනුවෙන් හැඳින්වේ.
මෙලෙසින් ක‍්‍රිකට් ලොවට පෑයූ තාරකාවක් වූ අජන්ත මෙන්ඩිස් හෙවත් අජා එසේත් නොමැතිනම් මෙන්ඩා මේ දිනවල ක‍්‍රිකට් පිටියේ දක්නට නොමැති වීම ලාංකේය ක්‍රිකට් වලට මහත් පාඩුවකි. පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා ප‍්‍රතිකාර ගනිමින් සිටීම ඊට හේතුවයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආබාධක් හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ටික කලකට හෝ ඉවත්ව සිටීම යනු මහත් දුකක් සිතන ගෙනදෙන කාරණාවකි. එහෙත් අජන්ත මේ දිනවල ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටියද බොහෝම සතුටින් කාලය ගත කරනවා. අජන්ත පසුගියදා පියෙක් වුණා. ඒක තමයි අජන්ත මෙච්චර සතුටින් ඉන්න කාරණාව වෙලා තියෙන්නේ.. අජන්ත යෝෂිණී කැදැල්ලට ආපු අළුත්ම අමුත්තා පුංචි පුතෙකි.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com