හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී සනත් ජයසූරිය ඉන්දියාවේ ඩාන්සින් රියැලිටි තරඟයක තරඟකරුවෙකු ලෙස සහභාගී වීමට නියමිතව ඇති බව අප මීට පෙර වාර්තා කළා. සනත්ට නර්ථනයේ එතරම් දක්ෂතාවයක් නොමැති වුවද මෙම වැඩසටහන ජනප්රිය කරගැනීමේ අටියෙන් ඔහුව මෙම වැඩසටහන සඳහා නිෂ්පාදක කණ්ඩායම කැමති කරවාගෙන තිබෙනවා.
මීට පෙර එම වැඩසටහනේ පූර්ව ප්රචාරක වීඩියෝවක් අපගේ පෙර ලිපිය මඟින් ඉදිරිපත් කර තිබුණා.
මෙහි තවත් ප්රචාරක විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ජනප්රියත්වයට පත්ව තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සුපිරි බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් ගේ නර්ථනය අනුකරණය කරමින් සනත් ජයසුරිය නර්ථනයේ යෙදීමයි.
එම වීඩියෝව පහතින් බලන්න.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment