ජනප්‍රිය නිළි නයනා කුමාරි ගැන අමුතුම ආකාරයේ පුවත් මේ දිනවල විවිද වෙබ් අඩවි වල පළ වෙමින් තිබෙනවා. එම පුවත් මඟින් පැවසෙන්නේ නයනා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් සමඟ සමීප ඇසුරක් පවත්වන බවය. එමෙන්ම එම ඇමතිවරයා සමඟ සිටින ඡායාරූපයක්ද පසුගියදාක පලවී තිබුණා. නයනා රහසිගත කටයුත්තක් සඳහා වෛද්‍යවරයෙක් හමුවී ඇතැයිද එම පුවත් වල වැඩිදුරටත් වාර්තා වුණා.
මේ සම්බන්ධව ඇත්ත නැත්ත අද (13) දින ලක්බිම පුවත්පත විසින් නයනාගෙන් පහතින් සඳහන් පරිදි ප්‍රශ්ණ කර තිබෙනවා.
ඔබ සහ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් සම්බන්ධකොට යම් පුවතක් පසුගිය දිනවල වබේ අඩවිවල පළ වී තිබුණා. එහි සත්‍ය අසත්‍යතාවය මොනවගේද?
මේ වගේ විවිධ බලපෑම් මට කාලයක සිට ඇති වුණා. නමුත්, ඒ බලපෑම් ඉහළම තත්ත්වෙට ආවේ පසුගිය කාලයෙයි. ඔය බොරු ප්‍රචාර පතුරුවන්නේ කවුද කියලා මම දන්නවා. ඒ වගේම යථා කාලයේ ඒ සම්බන්ධව සුදුසු පියවර ගන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අයගේ අරමුණ වෙලා තියෙන්නේ මගේ පවුල කඩා ඉහිරවීමයි. ඔවුන් ඒකට, මගෙයි මගේ මහත්තයාගෙයි විශ්වාසය බිඳින්න පුළුවන් හැම දෙයක්ම කරනවා. නමුත් ඒ අයට ඒ දේ කරන්න බැහැ. කොහොමත් මේ සිද්ධියෙන් පස්සෙයිි මිනිස්සු කියන්නේ කවුද කියලා මම හරියටම දැන ගත්තේ.
ඔබ එම ඇමැතිවරයා සමග සිටින ඡායාරූප පවා එම වබේ අඩවිවල පළකොට තිබුණ නේද?
ඔව්. ඒවත් මේ වැඩපිළිවෙළේම කොටසක් තමයි. ඒවා ඔක්කොම අසත්‍ය ප්‍රචාර. හරියට ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා වගෙයි ඒ අය මේ කතාවත් නිර්මාණය කරලා තිබුණේ. ඒක කරපු අයම පසුව ඒ ගැන කනගාටුව පළකරලා තිබුණා. මම නම් ඔය වබේ අඩවි බලන්නේ නැහැ. මම ගැන මේ වගේ දෙයක් සඳහන් කරලා තියනවා කියලා ආරංචි ලැබුණාට පස්සෙයි මමත් ඒක දැක්කේ. කොහොමත් එක්තරා පිරිසක් තමයි ඔය වබේ අඩවි නරඹන්නේ, ඒවාට ප්‍රතිචාර දක්වන්නේ.
ඔබට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ කවුද කියලා හෙළි කරන්න ඔබ කැමතිද?
නැහැ. මම ඒ අය ගැන වචනයක්වත් කතාකරන්න කැමති නැහැ.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment