රංගන ශිල්පිණී උදාරි වර්ණකුලසූරිය සිය කුළුඳුල් දරු උපත සිදුකරන්නේ ලබන මාසයේදීය. ඇය ඒ සඳහා ඇගේ සැමියා වන වෛද්‍ය සුජිත් රාජකාරී කරන සිංගප්පූරුවට ලබන සතියේදී යෑමට නියමිතව ඇත.
අද (03 වැනිදා) සරසවිය පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් ඇය පවසා තිබෙන්නේ දරු උපතින් පසුව මාස තුනක කාලයක් පමණ සිංගප්පූරුවේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවය.
ඇයට ලැබෙන්නට සිටින්නේ දියණියක් බව ස්කෑන් පරීක්ෂණයකින් හෙළිවී ඇත. එහෙත් පුතෙකු හෝ දියණියක විශේෂත්වයකින් තොරව ඉතා කැමැත්තෙන් බාරගන්නට සුදානමින් සිටින බවද ඇය කියයි.
දරුවාට තබන්නට යන නම පිළිබඳව ඇය සඳහන් කර ඇත්තේ තම සැමියාගේ නම සුජිත් නිසා 'ස' යන්නෙන් නමක් තබන්නට සිතාගෙන සිටින බවය.
යලිත් හැකි ඉක්මනින් සුපුරුදු පරිදි රංගන කටයුතු වල නියැලීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඇය පවසයි.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment