ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි නයනා කුමාරි හොර ගමනක් ගොස් ඇති බව පසුගියදා වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණා.
එම වෙබ් අඩවිවල සඳහන්ව තිබුණේ ඇය යම්කිසි කාරණාවකට වෛද්‍යවරයෙක්ව රහසිගතව මුණගැසී ඇති බවක්ය.
මේ සම්බන්ධව අද ඉරිදා දින පුවත්පතකට නයනා පවසා තිබෙන්නේ මෙම කතාව ඇයට මඩගැසීමේ අරමුණින් හිතාමතාම ගොතන ලද කතාවක් බවය.
මෙම මඩගැසීම තමාට සිදුකරන්නේ කවුදැයි දන්නා බවද නයානා ප්‍රකාශ කර ඇත.
එහිදි ඇය පවසා ඇති දේ පහතින්
"මේ දවස්වල ම්ං ගැන ඉතාම කණගාටුදායක අසත්‍ය පුවතක් එක්තරා වෙබ් අඩවියක පළකරලා තිබුණා වෛද්‍යවරයෙකු හමුවන්නට හොරෙන් ගිය ගමනක් ගැන.
මගේ නම කැතකරන්නයි අසත්‍ය පුවතක් නිර්මාණය කර පළ කර තිබෙන්නෙ. මේ වගේ ඉතාම නින්දිත චෝදනා එල්ල කරමින් මට මඩ ගහන්නේ ඇයි කියලා හිතාගන්න බෑ.
මම හොඳින්ම දන්නවා මේ වැඩේ කරන්නේ කවුද කියලා. මාත් එක්ක තියෙන තරහට, මගේ දියුණුව, හැකියාව දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. මේ වගේ පහත් වැඩවලට මම දුක්වෙන්නෙත් නැහැ. පසුබට වෙන්නෙත් නැහැ.
ඒ වගේම මට කතා කරපු මාධ්‍යවේදිණියකට මට "මැඩම්" කියන්න කිව්ව බවකුත් මේ වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වෙනවා. ඇත්තටම මේ වගේ බොරු මේ අය කොහොම ගොතනවද කියල මට නම් හිතාගන්න බැහැ."
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment