ශ්‍රි ලංකාවේ නවතම රූපවාහිනී නාලිකාව හිරු ටී.වී. අද (23) උදෑසන 06.02 ට යෙදුණු සුබ මොහොතින් විකාශන කටයුතු ආරම්භ කළා.
ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සුරතින් ආරම්භ කළ හිරු ටී.වී, දශක 3 කට වැඩි ලාංකීය රූපවාහිනී ඉතිහාසයේ අති දැවැන්ත පෙරළියක් සිදුකරමින් පර්යේෂණ විකාශයේ සිටම මෙරට වැඩිම ආවරණ කලාපයක් හිමි රූපවාහිනී නාලිකාව ලෙසට හිරු ටී.වී ඉතිහාස ගතවනවා.
එමෙන්ම ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයට එක්වූ පළමු සහ එකම ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රූපවාහිනී නාලිකාව මෙන්ම, හයිඩෙෆිනිෂන් තාක්ෂණය (HD) භාවිතා කරන නාලිකාව වන්නේද හිරු ටී.වී. නාලිකාවයි.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment