එප්පාවල තරුණයෙක් ඊයේ (8 වැනිදා) ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඔහු ගෙල වැළලාගන්නා අකාරය ඔහු විසින් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර තිබීම විශේෂ සිද්ධියකි වුණා.
වසන්ත ප්රදීප් බණ්ඩාර නම් ඔහුගේ 19 වන උපන්දිනයට තිබී ඇත්තේ තවත් දින 2ක් පමණි.
ගාල්ලේ පරිගණක ආයතනයක රැකියාවක් කරමින් සිටි ඔහු, ඊයේ එප්පාවල පිහිටි තම නිවසට පැමිණ තමා සියදිවි හානි කරගන්නා බව ඔහුගේ හොඳම මිතුරෙකුට එස්.එම්.එස් පණිවිඩයක් මඟින් දන්වා තිබෙනවා.
ගෙදර පහණ උඩ තිබෙන ජංගම දුරකථනයේ වීඩියෝ දෙකක් තිබෙන බවත් ඇවිත් ඒවා බලන ලෙසත් එම එස්.එම්.එස් පණිවිඩය මඟින් සඳහන් කර තිබෙනවා.
ඉන් එක් වීඩියෝ එකක ඔහු සියදිවි හානි කරගැනීමට හේතුව දක්වා කළ කථාවක් තිබූ අතර අනෙක් වීඩියෝවේ තිබී ඇත්තේ කැමරාවේ වීඩියෝ ඔන් කර තැබීමෙන් පටිගතවූ සියදිවි හානි කරගන්නා ආකාරයයි.
වසන්තගේ පවුලේ අක්කා කෙනෙකු හා අයියලා දෙන්නෙකුද මීට පෙර සියදිවි හානි කරගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ එකම ගසක මල සිරුරු 3ක් එල්ලි තිබෙමින් සියදිවි හානිකරගැනීමක් සිදුවූයේද එප්පාවල ප්රදේශයෙන්මය.
එම වීඩියෝව පහලින්.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment