සිංහල සිනමා වංශ කතාවේ චිත්රපටයක් වාර්තා කළ වැඩිම ආදායම් වාර්තාව සනිටුවන් කිරීමට මාහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'කුස පබා' චිත්රපටය මේ වනවිට සමත්වී තිබෙනවා.
මේ වනවිට දින 90 පසුකරමින් අති සාර්ථක ලෙස තිරගත වෙන 'කුස පබා' මෙම අති විශිෂ්ට ජයග්රහණය ලැබුවේ ජැක්සන් ඇන්තනීගේ 'අබා' චිත්රපටය දෙවෙනි ස්ථානයට ඇද දමමිනි.
සිංහල චිත්රපට අදායම් වාර්තා ලයිස්තුවේ මේ වනවිට පිළිවෙලින් දෙවෙනි තුන්වෙනි ස්ථාන වල පිහිටි 'අබා' සහ 'සූරිය අරණ' යන චිත්රපට දෙකෙහි අධ්යක්ෂකවරු දෙදෙනාම 'කුස පබා' චිත්රපටය වෙනුවෙන් සිය දායකත්වය ලබා දීම විශේෂ සිද්ධියක් වේ.
'අබා' චිත්රපටය අධ්යක්ෂණය කළ ජැක්සන් ඇන්තනී 'කුස පබා' හී ප්රධන චරිතය නිරූපණය කරන අතර 'සූරිය අරණ අධ්යක්ෂක සෝමරත්න දිසානායක 'කුස පබා' හී නිෂ්පාදකයා වේ.
'කුස පබා' හී ජැක්සන් සමඟ ප්රධන චරිතය නිරූපණය කරන්නේ පූජ උමාශංකර්ය.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment