බත් දන්සැල්, බීම දන්සැල්, අයිස් ක්‍රීම් දන්සැල් වගේ දන්සැල් නම් රට පුරා දකින්නට පුළුවන්. එහෙත් අමුතුම දන්සැල් කිහිපයක්ම වාර්තා වුණා. ඒ අතර බුදු පිළිම දන්සැල හා හයර් දන්සැල විශේෂ තැනක් ගත්තා.
පහතින් දැක්වෙන්නේ එවන් අමුතු ආකාරයේ දන්සැල් කීහිපයක් හා වාර්තාගත සිද්ධීන් කීපයකි.
බුදු පිළිම දන්සැල.
බුදු පිළිම දන්සැලක් ගාල්ලේ ගල්වඩුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී සුදු පැහැති තිරුවානා කුඩුවලින් නිමවූ අගල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ පරිත්‍යාග කලේ ව්‍යාපාරිකයෙකු වන විසුම් මාපලගම මහතායි.
මෙම ප්‍රවාහන දන්සැල තිබුනේ කිණිගම මංසන්ධියේ සිට මහ උල්පත ශ්‍රී නිග්‍රෝධාරාමය දක්වායි. එහිදී බැතිමතුන් නොමිලේ ප්‍රවාහනය කරන ලදී.
ලොව ලොකුම බෞද්ධ කොඩිය.
බෞද්ධ කොඩියට වසර 127 ක් සපිරීම වෙනුවෙන් මහනුවර බොක්කාවල වෑවල ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය නිර්මාණය කළ ලෝකයේ විශාලතම බෞද්ධ කොඩිය මැයි දෙවැනිදා සිට මහජනතාවට ප‍්‍රදර්ශණය කෙරෙනවා.
අඩි 200 ක් දිග සහ අඩි 100 ක් උස මෙම කොඩිය මෙතෙක් ලෝකයේ විශාලතම කොඩිය බවයි නිර්මාණකරුවන් පවසන්නේ.
මෙය නැරඹීමට ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද පැමිණ සිටියා.
0 Comments:
Post a Comment