අතුල අධිකාරිගේ හා නිරුපන ශිල්පිණියක් වන අමායාගේ රහස් සම්බන්ධය පිලිබඳ මෙයට පෙර අප වාර්තා කරනු ලැබුවා.
එහෙත් මෙය රහස් සම්බන්ධයක් නොව අතුල හා අමායා විවාහ වී ඇති බව දැන් වාර්තා වනවා.
සති අන්ත පුවත්පතකට අදහස් දක්වා ඇති අමායා ප්‍රකාශ කර ඇත්තේ එය රහස් සම්බන්ධයක් නොව ඇය මේ වනවිට අතුල සමගින් විවාහ වී ඇති බවය.
ඒ පිළිබඳව අමායා පවසා ඇති දේ පහතින්
අමායා ආදරය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ආදරය හරි පිවිතුරු දෙයක්. මගේ ආදරය දැන් විවාහයකින් කෙලවර වී හමාරයි.
ඒ කිව්වේ ඔයා විවාහකද?
ඔව්, මම අතුල අධිකාරිගේ බිරිඳ. අපි විවාහ වුනේ 2010 අවුරුද්දේ මුල් භාගයේදී.
ජනප්‍රිය මිනිස්සුන්ට හැදෙන කටකතා ගැන අමායා මොකද හිතන්නේ ?
අනේ. මම බොහොම කනගාටුවෙන් තමයි ඔය ගැන කතා කරන්නේ. ඒ මොකද කියලා නම් මගෙන් අහන් එපා.
ඔයා කටකතා වලට බය ද ?
අනේ නැහැ, මගෙයි අතුල අයියගෙයි සම්බන්ධයට හුගක් කටකතා හැදුනා. අපි ඒ හැමදේටම පිළිතුරක් වශයෙන් තමයි විවාහ වුණේ.
මොනවද ඔයාට රසිකයන්ට කියන්න තියෙන්නේ ?
ඔව්, මට ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන්ම කියන්න ඕනේ අතුලයි මමයි අතර තිබුණු ආදරය විවාහයකින් අවසන් වුනු බව.
අමායා සහ අතුලගේ ආදරයට වසර 4ක් සපිරෙන අතර අමායා පසුගිය කාලයේ තම නමට "අමායා අධිකාරි" වශයෙන් වාසගමද එක් කරගෙන තිබුනා.
එසේම මේ සියලු කටකතා අතුල ගණන් නොගත් අතර ඒවාට පිළිතුරු වශයෙන් ඔවුන් 2010 අවුරුද්දේ මුල් භාගයේදී විවාහ වී තිබෙනවා. ඔවුන් එය එතරම් ප්‍රසිද්ධ නොකෙරුණු හෙයින්ම මාධ්‍ය සිතුවේ ඔවුන් හොර රහසේ ආදරය කරන බවයි.
එහෙත් සතුටින්, ආදරයෙන් දිවි ගෙවන ඔවුන් දෙපලගේ විවාහ දිවියේ අළුත්ම ආරංචිය වන්නේ මේ වසර අග භාගයේදී ඔවුන්ගේ කැදැල්ලට තවත් පුංචි අමුත්තෙක් පැමිණෙන බවයි.
මොවුන් දෙපළගේ සම්බන්ධය ගැන උකුස්සා වාර්තා කළ පෙර පුවත්
අතුල අමායා එක්ක ගඟේ
අතුල අධිකාරිගේ හොර හෙළිවේ
Athula Adhikari Amaya's Secret Marriage - අතුල අධිකාරි අමායා හොර රහසේ විවාහ වෙලා
Sunday, May 13, 2012
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment