468X60 Ad

Lasith Malinga's Land Problem - ලසිත් මාලිංගගේ මහ ගෙදරට ක‍ටු කම්බි

ඕස්ට්‍රේලියාවේ පැවති තුන් කොන් ක්‍රිකට් තරගමාලාව නැරඹීමට ඕස්ට්‍රේලියාවට ගොස් නැවත තම නිවසට පැමිණෙන විට ප්‍රවේශ මාර්ගය අවහිරවන සේ කටුකම්බි ගසා ඇතැයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ මව රත්ගම පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

ලසිත් මාලිංගගේ මව වන වී. බී. ස්වරණවතී මහත්මිය පැමිණිල්ලෙන් දන්වා ඇත්තේ ඉඩම් ආරවුලක් මත මෙය සිදුකර ඇති බවයි.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 87286 යටතේ පාර්ශවකරුවන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා ඇත. විත්ති පාර්ශවය වෙනුවෙන් නීතිඥ මානෙල් මුදලිගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ සිසිර වීරසූරිය මහතා පෙනී සිටී. රත්ගම පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතර 2012 අප්‍රේල් 20 නැවත කැඳවීමට නියමිතව ඇත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com