පසුගියදා රටම කම්පාවට පත්කරමින් කෝට්‌ටේ රජමහා විහාරයේ වැඩ විසූ භික්‌ෂුන් වහන්සේලා දෙනම සහාසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (20 වැනිදා) පැවැත්වූ හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී සැකකරුවන් දෙදෙනා සාක්‌ෂිකරුවන් පස්‌දෙනකු විසින් හඳුනාගනු ලැබූවා.
මෙසේ හඳුනාගනු ලැබුවේ
තණමල්විල, බෝදාගම පදිංචි නම්මුණි ආරච්චිගේ සුරේෂ් චානක (වයස 21) සහ මහරගම, ගොඩිගමුව, ශිරෝමණී මාවතේ පදිංචි පතිරගේ හර්ෂ මංජුල ශ්‍රී මනකීර්ති (වයස 26) යන සැකකරුවන් දෙදෙනා වේ.
හඳුනාගත් සැකකරුවන් දෙදෙනා ලබන මැයි මස 04 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසටද අධිකරණයෙන් නියම විය.
මේ හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවට මිරිහාන පොලිසියෙන් හිමිනමක්, කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු හයදෙනකු සාක්‌ෂිකරුවන් ලෙස අධිකරණයට නම් කර තිබුණා. එයින් සාක්‌ෂිකරුවන් පස්‌දෙනකුට පමණක් මෙම සැකකරුවන් දෙදෙනාව හඳුනාගැනීමට හැකිවූ බව වාර්තා වෙනවා.
පසුගිය මාර්තු මාසයේ 20 වැනිදා රාත්‍රි 9.45 ට පමණ කෝට්‌ටේ රජමහා විහාරයේ වැඩවිසූ පණ්‌ඩිත පිටිගල ජිනසිරි (වයස 81) සහ බොරලැස්‌ගමුවේ ගුණරතන (වයස 65) යන හිමිවරුන් දෙනම කුරිරු අන්දමින් ඝාතනය කර පලාගොස් සිටියදී මිරිහාන සහ මහරගම යන පොලිසි මැදිහත්ව මෙම සාහසිකයන් දෙදෙනාව සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
සිද්ධියට සම්බන්ධ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ කරුණු වලට අනුව, සිවුරු අත හැරියෙකු බව කියන 21 හැවිරිදි සුරේෂ් චානක නැමැත්තා හිමිවරු දෙනමට පිහියෙන් ඇන ඝාතනය කර ඇත. රක්ෂණ නියෝජිතයෙකු ලෙස සේවය කරන අතරතුර බස්නාහිර නිළමේවරයෙකු ලෙස පෙනී සිටි 26 හැවිරිදි හර්ෂ මංජු ශ්‍රී නැමැත්තා මෙය සැලසුම් කර ඇත. ඔහුගේ සැලැස්ම වී තිබී ඇත්තේ පන්සලට ගොස් හිමිනම සතු මුදල් කොල්ලකෑමටය.
මෙම සැකකරුවන් දෙපල වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටීම විශේෂ සිද්ධියක් වුණා.
නුගේගොඩ වැඩ බලන මහෙස්‌ත්‍රාත් තිස්‌ස විඡේරත්න මහතා හමුවේ හඳුනාගැනීමේ පෙරෙට්‍ටුව පැවැත්විය.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment