ඊයේ (22) දහවල් රිය අනතුරකින් මරණයක් සිදුකිරීමට අදාළව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වූ ජෙහාන් මුබාරක් රු.ලක්ෂ 10 ක ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය අද නියෝග කර තිබෙනවා.
හලාවත-කොළඹ මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදී මුබාරක් විසින් පදවන ලද ඩිෆෙන්ඩර් රථයේ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු මරුමුවට පත්විය.
එසේම එම සිද්ධියෙන් යතුරුපැදියේ පිටුපස ගමන් කළ අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තුබුණා.
මුබාරක් තවත් විදේශිකයන් පිරිසක් සමග විල්පත්තු වනෝද්‍යානය නැරඹීම සඳහා ගොස් ආපසු එමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුවිය.
කෙසේ වෙතත් පොලීසිය විසින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මිය ගිය තරුණයා වෙනුවෙන් ලක්ෂ 6 ක මුදලක් හා තුවාල ලබා දැනට ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා වෙනුවෙන් ලක්ෂ 4 ක් වන සේ රු.ලක්ෂ 10 ක වන්දි මුදලක් ලබාදීමට මුබාරක් අධිකරණයට පොරොන්දු වී තිබේ.
එම ලක්ෂ 10 ක මුදලෙන් අත්තිකාරම් මුදලක් ලෙස රු.ලක්ෂ 3 ක මුදලක් අද දිනයේ ලබාදුන් බවත්,නඩුවේ වැඩිදුර විභාගය ලබන මැයි මස 04 වන දිනට කල්තැබූ බවත් වාර්තා වේ.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment