468X60 Ad

World's Most Expensive Cake From Sri Lanka - ලොකේ වටිනාම කේක් ගෙඩිය ලංකාවෙන්

ජාත්‍යන්තර කීර්තියට පත් අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ සුපවේදී දිමුතු කුමාරසිංහ මහතා ලොව මිලෙන් අධිකම කේක් ගෙඩිය නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා.

නිල්මැණික් දහයක්, රන් ආභරණ දහයක්, චොක්ලට් රස දහයක් ඇතුළත් මේ කේක්ගෙඩිය නැවක හැඩයක් ගනී.
"පයිරෙට්ස් ෆැන්ටසි" යන නමින් හඳුන්වනු ලබන මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි තුන හමාරකට තක්සේරු කර ඇත.

මුහුදු කොල්ලකරුවන් දස දෙනකු විසින් ඔසොවාගෙන එනු ලබන අයුරින් නිර්මාණය කර ඇති මෙම කේක් ගෙඩිය කාලතුවක්කුවක් මත තබා ඇත.

ශ්‍රී ලංකා හා එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම් මෙම කේක් ගෙඩිය නැරඹීමට ආ පිරිස අතර වෙයි.

මෙම කේක් ගෙඩිය අලෙවි කිරීමට නියමිතව ඇත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com