දෙහිවල සතුන් වත්තේ සිටි දුර්ලභ ගණයේ ඔටු දෙනක් පසුගිය සෙනසුරාදා මිය ගියා.
පැටවකු බිහිකරන්නට යතියි ලැබුණු පශු වෛද්‍ය උපදෙස් අනුව ඔටු දෙනට සත්කාර කරද්දී ඇය මෙසේ මිය ගොස් ඇත. එහෙත් රෝසි නම් එම ඔටු දෙනට ගැබක් නොතිබුණ බව වාර්ථා වේ.
ඔටු දෙන ගැබිනියක බව ලැබුණු උපදෙස් අනුව ගැබට අවශ්‍ය ප්‍රතිකාර සඳහා බෙහෙත් හා වෙනත් විවිධ දේ වලටත් පශු වෛද්‍යවරියගේ ගමන් බිමන් සඳහාත් රුපියල් හැටදාහක පමණ මුදලක් වියදම කර ඇත.
ඔටු දෙන මියගියේ වැරැදි ප්‍රතිකාර නිසාදැයි දැන් පරික්ෂණ පවත්වයි. 2004 සැප්තැම්බර් 18 වැනිදා මොස්කව් සතුන් වත්තෙන් ලංකාවට ලැබුණු රෝසිගේ වයස අවුරුදු අටකි. රෝසිගේ සැමියා වන ”බින්දු” දැන් තනිවී සිටියි.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment