කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවී සිටි පාසල් සිසුන් 43 දෙනෙකු අද දහවල් කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුන දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් සියලු දෙනාම කොළඹ රාජකීය විදුහලේ සිසුන් වන අතර ඔවුන් අත් අඩංගුවට පත්වී තිබෙන්නේ කොළඹ බිෂොප් විද්‍යාලයට ඇතුල්වී සිටි අවස්ථාවේදීයි.
පාසල් මහා ක්‍රිකට් තරග වන “බිග් මැච්” කාලය තුළ අතර එම තරග වලට යැයි කියමින් වාහනවල නැගී විවිධ ඇදුම් ඇදගෙන වෙස්මූහුණු පැළදගෙන අශෝභන ආකාරයට හැසිරෙමින් මුදල් එකතු කරන පාසල් ශිෂ්‍යන්ට එරෙහිව දැඩි නීතියම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පසුගියදා පවසා සිටියා.
සිවිල් ඇඳුමෙන් සැරසුන පොලිස් කණ්ඩායම් බාලිකා පාසල් අසල යොදා බාලිකා පාසල්වලට වැදී ශිෂ්‍යාවන්ට හිරිහැර කරන පාසල් ශිෂ්‍යයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මේ වන විටත් කොළඹ ප්‍රධාන පෙළේ සියලුම බාලිකා පාසල් අවට දැඩි පොලිස් රැකවරණයක් යොදා ඇති බවත් ඔහු එහිදී පවසා සිටියා.
Royal Students Forcibly Enter to Bishop's College - රෝයල් කොල්ලෝ බිෂොප් එකට කඩා පනී
Wednesday, February 29, 2012
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment