468X60 Ad

Hirunika Premachandra has Joined with "Mahajana Party" - හිරුණිකා මහජන පක්ෂයෙන් දේශපාලනයට පිවිසේ

ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව පවසයි.

පියාගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඇය දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28 වැනි සංවත්සරික උත්සවයට ලිපියක් යොමු කරමිනි.

පක්ෂය විසින් ඇයගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට ක්‍රියා කර ඇති බව වාර්ථා වෙනවා.

කෙසේ වෙතත් ඇය පසුගිය සතියේ ශ්‍රී ලංකා මහජන පක‍ෂ නියෝජිතයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති බවට දේශපාලන ආරංචි මාර්ග විසින් අනාවරණය කර තිබිණි.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com