නාඳුනන පිරිසක් විසින් පසුගිය ඔක්තෝම්බර් මස 27 වන දින පැහැරගෙන ගිය රාගම දේවාලයේ ප්රධාන කපු මහතා වන මොහොමඩ් සාලි නියාස් නොහොත් ලොකු සීයාගේ මළ සිරුර අක්කරෙයිපත්තුව මුහුදු වෙරළේදී සොයා ගැනේ.
අමානුෂිකව වධහිංසා පමුණුවා අභිරහස් ලෙස ඝාතනය කර තිබූ ඔහුගේ සිරුර පොලිතින් වලින් ඔතා කටුකම්බිවලින් ගැටගසා ඊට විශාල ගලක් බැඳ අක්කරේපත්තුව මුහුදේ ගිල්ලවා ඇත.
මුහුදේ ගිල්ලවා තිබූ
ලොකු සීයාගේ සිරුර අක්කරෙයිපත්තුව මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ මීට දින 18 කට උඩදීය.
ලොකු සීයාගේ සිරුර අක්කරෙයිපත්තුව මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ මීට දින 18 කට උඩදීය.
මියගිය පුද්ගලයා කාගේ කවුදැයි හඳුනාගැනීමට අපොහොසත්ව දින 18 ක් තිස්සේ අක්කරෙයිපත්තුව රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තැන්පත් කර තිබී ඇති මෙම සිරුර පිළිබඳ ලැබුණු ආරංචියට අනුව ඊයේ (24 වැනිදා) දහවල් අක්කරෙයිපත්තුව රෝහලට ගිය ලොකු සීයාගේ ඥතීන් පිරිසකට එම සිරුර ලොකු සීයාගේ බව හඳුනා ගැනීමට හැකිවී ඇත. ලොකු සීයා හැඳ සිටි ඇඳුම්වලින් සහ ඔහුගේ අතක ඇඟිල්ලක තුවාලයක ගැටගසා තිබූ රෙදි පටියකින් ඥතීන් ඔහුගේ සිරුර හඳුනාගත් බව පොලිසිය පවසයි.
ඔහුගේ ගෙල සිරකර උදරය ප්රදේශය සහ සිරුරේ තවත් ස්ථාන කිහිපයක් තියුණු ආයුධවලින් කපාදමා තිබූ බවද මළ සිරුර පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත. සිරුර සොයා ගන්නා අවස්ථාවේ එය දැඩිලෙස විකෘතිව තිබූ බව පොලිසිය පවසයි.
කිසියම් පිරිසක් විසින් ලොකු සීයා ඝාතනය කර සිරුර පොලිතින්වලින් ඔතා අක්කරෙයිපත්තුව මුහුද වෙත බෝට්ටුවකින් රැගෙන ගොස් එය ගිල්වා දමන්නට ඇති බව පොලිසිය සැක පහළ කරයි.
පැහැර ගන්නා අවස්ථාවේදී ලොකු සීයා කෝටි තුනහමාරක් පමණ වටිනාකමින් යුත් රන් ආභරණ පැළඳ සිටි අතර සිරුර සොයාගන්නා අවස්ථාවේ ඒවා කිසිවක් තිබී නැත.
සිද්ධිය තවමත් අභිරහසක්ව පවතින අතර අක්කරෙයිපත්තුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 Comments:
Post a Comment