ඊයේ විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්රථම රිය අනතුර අද උදේ 7.10 ට පමණ වාර්තා විය.
මෙම අනතුර කහතුඩුවේ කිලෝ මීටර 8 කණුව අසළදී සිදුවිය.
කොළඹ දෙසට ගමන් ගත් වෑන් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව පෙරළී දෙදෙනෙකුට තුවාල සිදුවූහ.
අධිවේගී මාර්ගයේ ගිනි නිවීම් හා ජීවිතාරක්‍ෂක ඒකකය ඔවුන්ව කඩිනමින් හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.ඡායාරූප: lankadeepa.lk
0 Comments:
Post a Comment