පසුගියදා බුලසිංහල ප්‍රදේශයේ ළමා රෝහලක් ඉදිකිරීම වෙනුවෙන් ඕස්ට්‍රියානු ජාතික තරුණියක් විසින් රුපියල් මිලියන 15 ක මුදලක් පරිත්‍යාග කර තිබිණි.
1998 මාර්තු මස 2 වෙනි දින පාසල වෙත යමින් සිටි එවකට 10 වැනි වියේ පසුවූ නටාෂා කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් තිබිණි.
ඇයගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කල පසු පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව සිදුකල සොයා බැලීම් වලදී ඇය පිලිබඳව කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිවිය. ඇයගේ අතුරුදහන් වීම පිලිබඳ පුවත්පත් ලිපි හා මාධයෙන්ද ජනතාව දැනුවත් කර තිබූ අතර එමඟින්ද කිසිඳු පලක් නොවිය.
නටාෂාගේ පැහැරගැනීමේ සුලමුල එලිවන්නේ වසර අටකුත් හයමසකට පසුවය. ඒ 2006 අගෝස්තු මස 26 වන දින ඇය සිරකොට ස්ථානයෙන් පැන ඒමත් සමගයි. වයස අවරුදු 10 දී පැහැරගැනීමට ලක්වූ ඇය නැවත නිවසට පැමිණෙන විට 18 හැවිරිදි තරුණියක්ව සිටියාය.

නටාෂාව එසේ පැහැරගෙන ගොස් තිබුනේ ප්‍රික්ලොපිල් නම් පුද්ගලයෙකි. ඔහු නටාෂාව ඔහුගේ නිවසේ ඉදි කරන ලද බිම්ගෙයක් තුල වසර 8 හමාරක් ක් සිරකොට තබාගෙන ඇත.
නටාෂා හිරකර තැබූ බිම්ගෙයි තුළ ඇයට ඉගෙන ගැනීමට මේසයක්, පුටුවක්, ඇඳක් හා වැසිකිලියක්ද විය. කාමරය තුල සිරවී සිටි නටාෂා ලිවීමට කිවීමට හා ගණිතයද ඉගෙන ගත්තාය.
වරක් ප්‍රික්ලොපිල් ගේ වාහනය සේදීම සඳහා ඇයට අණ ලැබුන අතර ඔහුගේ නිරීක්ෂණය යටතේ බිම්ගෙයින් එලියට පැමිණ ඔහුගේ වාහනය සේදීමට ඇයට අවස් ථාව උදාවිය. වාහනය සෝදන අතරේ ප්‍රික්ලොපිල්ට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඔහුගේ අවධානය වෙනතකට යොමුවී ඇත.
ඉන් ප්‍රොයෝජනය ගත් නටාෂා එම ස්ථානයෙන් පැනවිත් ඇත.
ප්‍රික්ලොපිල් පවසන පරිදී නටාෂාව එසේ පැහැරගෙන ඇත්තේ පවිත්‍ර යුවතියක් විවාහ කරගැනීමේ අදහසක් තිබූ නිසා කුඩා කලදීම නටාෂාව පැහැරගෙන රැකබලාගත් බවය.
පසුව ඇය බිම්ගෙය තුල ගත කල ජීවිතය අලලා 3096 Giorni (3096 Days) නමින් පොතක් පලකල අතර එය ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය. ඉන් ලබනා ආදායමෙන් ලොව පුරා වෙසෙනා ළමුන් වෙනුවෙන් සත්කාර කිරීමට ඇය බලාපොරොත්තුවෙන් සිටී.
ප්‍රික්ලොපිල් විසින් නතාෂා සිරකර සිටි බිම්ගෙය බලන්න
0 Comments:
Post a Comment