468X60 Ad

Send Free SMS From Gmail ජී මේල් එකෙන් නොමිලේ එස්.එම්.එස්. යවන්න

දැන් ගූගල් සමාගමේ ජීමේල් සේවාව මඟින් නොමිලේම එස්.එම්.එස්. යවන ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා. 

ලංකාව තුළදී ඩයලොග්, මොබිටෙල් යන දුරකථන අංක වලට පමණක් දැනට මෙම සේවය ක්‍රියාත්මක කර
ඇත.

චැට් කරන ආකාරයට මෙම එස්.එම්.එස්. ක්‍රමය ක්‍රියාත්මක කළ හැක.

ජීමේල් තුළින් එස්.එම්.එස්. චැට් කරන ආකාරය පහතින් පෙන්වා ඇත.

ඔබේ ජීමේල් ගිණුමේ වම් පස ටිකක් පහළට වෙන්නට ඇති මෙනුවේ Send SMS යන කො‍ටුව තුළට ඔබට එස්.එම්.එස්. එක යැවීමට අවශ්‍ය අංකය ටයිප් කර Enter ඔබන්න.

ඉන්පසු විවෘත වන කො‍ටුවේ එම දුරකථන අංකයට අදාළ නමක් යොදා Save කරන්න.

ඉන්පසු ඔබ යෙදු ජංගම දුරකථන අංකයද සහිතව චැට් බොක්ස් එකක් දකුණු පස පහළින් දිස්වේ. එහි ටයිප් කරන දෑ අදාළ දුරකථනයට එස්.එම්.එස්. එකක් ලෙස ලැබේ.


ජීමේල් මඟින් යවනු ලබන පණිවිඩයට ජංගම දුරකථනය මගින් කෙලින්ම රිප්ලයි කල හැකි අතර එය ජීමේල් චැට් බොක්ස් එක තුලට ලැබේ.

ඔබට නොමිලේ ලැබෙන එස්.එම්.එස් සලාකය එස්.එම්.එස්. 50 ක් වේ.

ඔබ පණිවිඩය යවන ජංගම දුරකථනය ඔබට පිළිතුරු සැපයුවහොත් එම එක් පිළිතුරක් පාසා තවත් එස්.එම්.එස් 5 ක් නොමිලේ යැවීමට ඔබට හැකියාව ලැබෙනවා.(උපරිමය 50 දක්වා)

ඔබට නොමිලේ ලැබෙන පණිවුඩ ප්‍රමාණය 0 වුවහොත් පැය 24 කින් නැවත නොමිලේ එස්.එම්.එස් ප්‍රමාණයක් ලැබෙනු ඇත.

එස්.එම්.එස් කොටුව ඔබේ දර්ශන වන්නේ නැත්නම් පහත පියවර අනුගමනය කරන්න.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com