පෙරේදා රාත්‍රියේ ලන්ඩන් නුවරදී පැවති අයි.සී.සී. එල්ජී සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා හා වැඩිම ජනතා කැමැත්ත ඇති ක්‍රීඩකයා (එල්.ජී. පීපල්ස් වොයිස්) යන සම්මාන ද්විත්වයම හිමිකරගැනීමට සමත්වුණා.
මෙවර සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක් හිමිකර ගත් එකම ක්‍රිඩකයා සංගක්කාර විම විශේෂත්වයක් වේ.
පසුගිය 2010 අගෝස්‌තු 11 වැනිදා සිට 2011 අගෝස්‌තු 03 දක්‌වා කාලය තුළදී පැවැති ජාත්‍යන්තර තරගවල දක්‌වන ලද දක්‍ෂතා පදනම් කරගෙන මෙම සම්මාන පිරිනමා තිබෙන අතර එහිදී සංගක්‌කාර එක්‌දින තරග 25 කට සහභාගි වෙමින් මුළු ලකුණු 1049 ක් සහ කඩුළු රකින්නෙකු ලෙස උඩ පන්දු 26 ක් සහ ස්‌ටම්ප් කිරීම් 10 කට දායක වෙමින් දැක්‌වූ දක්‍ෂතා මත එම ඔහුට එම සම්මානය හිමිව තිබේ. එමෙන්ම අවසන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට නායකත්වය දෙමින් එහි අනුශූරතාව දක්‌වා කණ්‌ඩායම රැගෙන ඒමට සංගක්‌කාර සමත්වීමද මෙහිදී අවධානය යොමුවී තිබේ.
වසරේ එක්‌දින ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් සංගක්‌කාරට අමතරව ඔස්‌ට්‍රේලියාවේ ෂේන් වොට්‌සන්, ඉන්දියාවේ ගෞතම් ගාම්භීර් සහ දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා යන ක්‍රීඩකයන්ගේ නම් යෝජනා වී තිබුණි.
එමෙන්ම අන්තර්ජාලය උපයෝගී කරගනිමින් වැඩිම ජනතා කැමැත්ත තේරීමේදී හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව), ජොනතන් ට්‍රොට් (එංගලන්තය), ක්‍රිස් ගේල් (බ.ඉ.කොදෙව්) හා මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව) යන ක්‍රීඩකයින් පසුපසට ඇද දමින් එහි මුල් ස්‌ථානයට පත්වීමට සංගක්‌කාර සමත්විය.

0 Comments:
Post a Comment