468X60 Ad

Brothel Raided in Kaduwela කඩුවෙලදී වැටලූ ගණිකා මඩම

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පොලීසියෙන් වටලයි

නවගමුව, නුවර පාරේ කොතලාවල ප්‍රදේශයේ කලක් තිස්සේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා
තිබේ.

ඊයේ (08වැනිදා) සවස්වරුවේ නුගේගොඩ හදිසි ඇමතුම් අංශයේ නිළධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ ‍රැඳී සිටි තරුණියන් 04 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

එම තරුණියන් මතුගම, අම්බලන්ගොඩ, ඇල්පිටිය හා තෙල්දෙණිය යන ප්‍රදේශවල පදිංචි අය වෙති.

පසුගිය කාලය තුලදී රට තුල මෙවන් සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා මඩම් කිහිපයක් නීතියේ ‍රැහැනට අසුවිය.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com