ශ්‍රී ලාංකිකයනට අති විශාල තර්ජනයක්ව තිබු ඩෙංගු රෝගය සුව කිරීමට ඔසුවක් හඳුන්වා දුන් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මෙවර තවත් පියවරක් ඉදිරියට තබමින් මුළු ලොවටම තර්ජනයක් වී තිබෙන මාරාන්තික ඒඩ්ස් රෝගය සුව කළ හැකි ඖෂධයක් නිපදවා තිබෙනවා.
ඒඩ්ස් රෝගීන් දස දෙනකු යොදාගෙන මාස හයක කාලයක් අතුළත සිදු කරන ලද පර්යේෂණවලින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී තිබෙන බව ඇය මාධ්‍යය හමුවේ පැසුවාය.
මෙරට ඖෂධීය ශාක යොදා ගනිමින් සාදා ඇති මෙම ඖෂධය මගින් එම ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන බව මාස හය පුරා සිදුකළ පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට හැකි වූබවද වෛද්‍යවරිය තවදුරටත් කියාසිටියි.
මෙම පර්යේෂණ ඉදිරියට කරගෙන යැමට අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් සපයා ඇති බවත් වෛද්‍ය තරංගා කුමාර වික්‍රමසූරිය කියා සිටියාය. මෙම සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරිය පදිංචිව සිටින්නේ හෙරුමානගොඩ අලුත්වල අම්බලංගොඩ ප්රදේශයේය.
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment