පසුගිය කාලයේ ෂෙරිල් හා චිලී අතර ප්‍රේම සම්බන්ධකමක් ඇති බවට විවිධ කටකතා පැතිරුණා.
ඒ අතර ෂෙරිල් රොමේන් ඩෙකර් ගේ පෙම්වතා වීමට ගුණාංග කිහිපයක් ඇය ප්‍රකාශ කර තිබූ අතර ඇඟිලි දිග වීම හා උස වීමද ඒ අතර වන බව ඇය පවසා සිටියා.
පසුගියදා කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක නර්තනය යෙදුන ඈ හෙට (5 වැනිදා) විවාහ ගිවිස ගැනීමට නියමිතව තිබෙනවා.
ඇය විවාහ වීමට යන්නේ මේ දිනවල ජනප්‍රියතම ගිතයක් වන "නොදැක ඉන්න බෑ මට නම්" ගීතය ගායනා කරන රුවන් හෙට්ටිආරච්චි සමඟයි.
රුවන් සහ ෂෙරිල් අතර විවාහ ගිවිසගැනීම සෙනසුරාදා සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය.
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ "අමා" ටෙලි නාට්‍යය හරහා පේ්රක්ෂකයන් අතර ඉමහත් ජනාදරයට පත් ෂෙරිල් පසුගිය දිනවලදී තව තවත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් සුගතපාලගේ ගේ "දිගු දෑස" ගීත වීඩියෝව තුලින්ය.
රුවන් හෙට්ටිආරච්චි මේ පිළිබඳව පවසන්නේ,
"මම ෂෙරිල්ව හඳුනාගෙන මාස පහක් පමණ වෙනවා. අප දෙදෙනා අතර, ඒ විදිහට ඇතිවුණු මිත්‍රත්වය කෙටි කාලයකින්ම ආදර සම්බන්ධතාවයක් බවට පත්වුණා. නමුත් ක්ෂේත්රයේ අයවත් ඒ ගැන හරිහැටි දැනගෙන සිටියේ නැහැ.
ෂෙරිල් මාව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කියලා මට වැටහුණා. ක්ෂේත්රයේ ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය සහ ශක්තිය ඇගෙන් මට ලැබෙනවා. ඒ වගේම මමත් ඇයට මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. අපි දෙදෙනාට ඒ විදිහට සාර්ථක ගමනක් යන්න පුළුවන් බව අපට වැටහුණු පසුව අපි අපේ පවුල්වල උදවියගේත්, අපි අයත්වන දේව සභාවන්ගේ පූජකවරුන්ගේත් අනුමැතිය ලබාගෙන විවාහ දිවියට ඇතුළත්වෙන්න තීරණය කළා.
අපි මේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට ආරාධනා කළේ අපේ පවුල්වල සාමාජිකයන්,
ක්ෂේත්රයේ සමීපතමයන්, හිතවතුන් සහ අප දෙදෙනාගේ ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත්, පූජකවරුන්ට පමණයි. නමුත් අපේ විවාහ මංගලෝත්සවය මේ වසරේ මැද භාගයේදී ක්ෂේත්රයේ අයත් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්නයි. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ" යනුවෙනි
රුවන්ගේ නවතම ගීතයේ වීඩියෝව සඳහා ෂෙරිල් දායක වූ ආකාරය බලන්න පහතින්
දිගුදෑසේ ෂෙරිල් නොදැක ඉන්න බෑ සිංන්දුව කියන රුවන්ව කසාද බඳින්න යයි. - Sheril Weds Ruwan
Friday, January 4, 2013
Subscribe to:
Post Comments (Atom)
0 Comments:
Post a Comment